වැඩිවන ජීවන වියදමට 10000ක් වැඩිකරන ලෙස ඉල්ලා පෝස්ටර් ප්‍රදර්ශනයක්

වැඩිවන ජීවන වියදමට 10000ක් වැඩිකරන ලෙස ඉල්ලා පෝස්ටර් ප්‍රදර්ශනයක්

ජීවන වියදමට සරිලන ලෙස රු. 10,000 කින් වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා ජාතික වෘත්තීය සමිති සම්මේලනය විසින් අද (29) දින පෙරවරු 10.00 සිට ලිප්ටන් වටරවුමේදී පෝස්ටර් පුවරු ප්‍රදර්ශනය කරමින් තම ඉල්ලීම් ඉදිරිපත් කරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මෙම අවස්ථාවට වෘත්තීය සමිති රැසක් සහභාගී වන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.