ගුවන් සේවය ආරම්භ වී වසර 110යි - අද සැමරුම් උළෙළක්

ගුවන් සේවය ආරම්භ වී වසර 110යි - අද සැමරුම් උළෙළක්
මෙරට ගුවන් සේවා ආරම්භ වී වසර 110ක් සපිරීම මුල් කරගනිමින් ඊයේ (09) සැමරුම් උත්සවයක් සංවිධාන කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
 
ජාත්‍යන්තර වශයෙන් ගුවන් සේවා කර්මාන්තයේ නියාමනය උදෙසා බිහි වූ චිකාගෝ සම්මුතියට අත්සන් තබා වසර 78ක් සම්පූර්ණ වීම සැමරීමද ඊට සමගාමී ව සිදු කිරීමට නියමිතව ඇතැයි කියැවෙයි.
 
යාන්ත්‍රික බලයෙන් ක්‍රියාත්මක පළමු ගුවන් යානය මෙරටින් පළමු වරට ගුවන්ගත වන්නේ මීට වසර 110කට පෙරදීය.
 
ඒ, 1912 වසරේ දෙසැම්බර් 07 වැනිදා වන අතර කොළඹ තුරඟ තරඟ පිටිය ගුවන් තොටුපලක් බවට පරිවර්තනය කරමින් ජර්මානු ජාතිකයින් දෙදෙනෙකු වූ මාක් පෝප් සහ ජෝර්ජ් වර්මින් විසින් යාන්ත්‍රික බලයෙන් ගුවන් යානයක් සාර්ථක ව ගුවන්ගත කිරීම මෙරට දී සිදු කරනු ලබයි.