ජාත්‍යන්තර දිරිය කාන්තාවන් 14 ට ශ්‍රී ලාංකික නීතිඥවරියක් එක්වෙයි   

ජාත්‍යන්තර දිරිය කාන්තාවන් 14 ට ශ්‍රී ලාංකික නීතිඥවරියක් එක්වෙයි   
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව පිරිනමන 2021 වසරේ ජාත්‍යන්තර දිරිය කාන්තාවන් 14 දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී  ලාංකික නීතිඥවරියක හා සිවිල් ක්‍රියාකාරිනියක වන රනීතා ඥාණරාජා මහත්මිය තේරී පත්ව ඇතැයි එම රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබේ.
 
ලොව පුරා ධෛර්යමත් කාන්තාවන් ඇගයීමට පත් කිරීම සදහා ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව පවත්වන මෙම සම්මාන උළෙලේ සම්මාන ප්‍රධානෝත්සවය ලෝක කාන්තා දිනය යෙදී ඇති හෙට (08) දින එරට වේලාවෙන් පෙරවරු 10.00ට ඇමෙරිකා ජනපති ආර්යාව වන ජිල් බයිඩන් හා ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන්ගේ ප්‍රධානත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන් බවද ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ සදහන් ය.
 
ඒ අනුව මෙම ලාංකික කාන්තාව සමඟ බෙලරූස්, මියන්මාරය, කැමරූන්, චීනය, කොළොම්බියාව, කොංගෝ රාජ්‍යය, ගෝතමාලාව, ඉරානය, නේපාලය, සෝමාලියාව, ස්පාඤ්ඤය, තුර්කිය හා වෙනිසියුලාව යන රටවල් වලින් තෝරා ගනු ලැබූ ධෛර්යමත් කාන්තාවන් 14 දෙනෙකු මෙම සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිතය.
 
මෙවර ජාත්‍යන්තර ධෛර්යසම්පන්න කාන්තාවට හිමි පිරිනැමූ අතර මානව හිමිකම් ආරක්ෂා කිරීම, යුක්තිය, සාමය හා ලිංගික සමානාත්මතාවය වෙනුවෙන් ඔවුන් කළ මෙහෙය අගයා මෙම සම්මානය පිරිනැමීමට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
 
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව සදහන් කර ඇත්තේ රනීතා ඥාණරාජා මහත්මිය තර්ජන හා අභියෝග මධ්‍යයේ වුවද රටේ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිගින් දිගටම සටන් වදින හා ඔවුන් ආරක්ෂා කරන නීතිඥවරිය ලෙස කටයුතු කරන්නියක වන බවය.
 
බලහත්කාරයෙන් අතුරුදහන් වීම් වලට ගොදුරුවූවන් සහ නීතියේ පිළිසරණක් නොමැතිව වසර ගණනාවක් තිස්සේ සිරගතව සිටින සිරකරුවන් වෙනුවෙන් වගකිවයුතු සහ යුක්තිය වෙනුවෙන් නීතීඥ රනීතා ඥානාරාජා සිය වෘත්තිය කැප කර ඇති තැනැත්තියක් යැයිද ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියි.