හෙට(15) වැඩ වර්ජනය ස්ථිරයි

හෙට(15) වැඩ වර්ජනය ස්ථිරයි

ප්‍රධාන ඉල්ලීම් 06 ක් ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසඳුම් ඉල්ලා සෞඛ්‍ය, තෙල්, වරාය, විදුලි, කළමනාකරණ සේවා, සමෘද්ධී, ග්‍රාමා නිලධාරි ඇතුළු රාජ්‍ය සේවයේ සියළුම වෘත්තිය සමිති හෙට (15දා) වැඩ වර්ජනයක නිරත වේ.

මෙහි ප්‍රධාන ඉල්ලීම් වනුයේ, රුපියල් 20,000 දීමනාවක් ලබාගැනීම, බැංකු පොලී අනුපාත අඩුකිරීම, විදුලි බිල අඩුකිරීම, උපයනවිට බද්ද සංශෝධනය කරගැනීම, රාජ්‍ය මර්දනය, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කරගැනීම පවතින බවත් මෙම ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණහොත් හෙට සිට වර්ජනය අඛණ්ඩව සිදුකරනවාද යන්න හෙටම තීරණය කරන බව ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ උදේනි දිසානායක මහතා “වැඩිබිම“ සමග පැවැසීය.