අරගලකරුවන්ට සහාය දක්වමින් 16 දා වෘත්තීය සමිති පාරට

gota-go-home

වෘත්තීය සහ බහුජන සංවිධාන රටේ උද්ගතව ඇති ආර්ථික, දේශපාලනික සහ සමාජීය අර්බුදකාරී තත්ත්වය සාකච්ඡා කර පහත තීරණයන් සාමූහිකව ගත් බව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ,

  • ආණ්ඩුව විසින් මහජනයා මත ඉසිලිය නොහැකි පීඩනයක් පැටවීම හේතුවෙන් නිර්මාණය වී ඇති අරගලය මර්දනය කිරීමට නොදී ආරක්ෂා කිරීමටත්,
  • මහජනයා මත පැටවා ඇති පීඩනයට, ආර්ථික හා දේශපාලනික අර්බුදකාරි තත්ත්වය නිර්මාණය කිරීමට සහ එම තත්ත්වය නිරාකරණය කිරීමට ආණ්ඩුව අසමත් වීමට විරෝධය දක්වමින්,

ඒ අනුව එහි මූලික සටන් පාඨ වන්නේ,

  • ජන මතයට හිස නමනු !
  • වැඩ බැරි ආණ්ඩුව ගෙදර යනු ! යන්නයි

එහි මූලික කටයුත්තක් ලෙස

  • 04.16 දින සවස 02:00ට ලේක්හවුස් ඉදිරිපිට සිට ගෝල්පේස් අරගල භූමියට වෘත්තීය සමිති වල පාගමනක් හා
  • 04. 20 දිනය, ජාතික විරෝධතා දිනය ලෙස නම් කොට රට පුරා විරෝධතා දිනයක් ලෙස කටයුතු සංවිධානය කිරීමටත් තීරණය කළ බව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව වැඩිදුරටත් දක්වා ඇත.