වැඩකරන පංතිය අද සවස ජන අරගල බිමට

galle-face

වැඩකරන පංතිය නියෝජනය කරන වෘත්තීය සමිති, ගොවි, ධිවර සමිති සහ බහුජන හා සිවිල් සංවිධාන 2022 අප්‍රියල් මස 16 දින (අද) ජනාධිපති කාර්යය ඉදිරිපිට පැවැත්වෙන ජන අරගලය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව විසින් පාමනක් සංවිධානය කොට ඇත.

එම පා ගමන ලේක්කවුස් ඉදිරි පිට සිට ගෝල්ෆේස් දක්වා පැමිණ ජන අරගල ස්ථානයේ වෘත්තීය සමිති නායකයින් අමතන රැළියකි.

එහිදී “ජන මතයට හිස නවනු !“, “වැඩ බැරි ආණ්ඩුව ගෙදර යනු !“ යන පොදු සටන් පාථ 02ක සහිත පොදු බැනරයක් යටතේ නායක සහෝදරවරුන් ගමන් කරනා අතර ඒ ඒ සංවිධනවල සාමාජිකත්වය ඒ ඒ සංවිධනයේ බැනරය යටතේ පාගමනට එකතුවනු ඇති බව එහි සංවිධායිකයින් “වැඩබිමට“ පැවසීය.