අප්‍රේල් 20 ජාතික විරෝධතා දිනයක්

අප්‍රේල් 20 ජාතික විරෝධතා දිනයක්

මෙම මස 20 වැනි දින ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කරමින් වැඩ බිම් තුල අඛණ්ඩව වැඩවර්ජනයක් දක්වා වැඩකරන ජන විරෝධය ඒකරාශී කිරීමට වෘත්තීය සමිති තීරණය කර ඇති බව 'වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව' පවසයි.

වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව වෙනුවෙන් සෞඛ්‍යය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සභාපති රවි කුමුදේශ් පැවසුවේ, වෘත්තීය සමිති හා බහුජන ව්‍යාපර එකමුතුව සමග ශ්‍රී ලංකාවේ සියළු වෘත්තීය සමිති ඒකාබද්ධවී කටයුතු කරන බවයි.

ස්වාධින ජන මතයක් වෙනුවෙන් අරගල කරන මහජනතාවට පිටුපාමින් කටයුතු කිරීම පිළිබදව රටේ වැඩකරන ජනතාවගේ දැඩි පිළිකුල ප්‍රකාශ කරන බව කී රවි කුමුදේශ්, ජන අරගලය ජයග්‍රහණය කරවීම උදෙසා කොන්දේසි විරහිත දායක්ත්වයක් ලබා දීමට වෘත්තීය සමිති හා බහුජන ව්‍යාපාර එකමුතුව තීරණය කර ඇති බවද සඳහන් කළේය.

වෘත්තීය සමිති හා බහුජන ව්‍යාපාර එකමුතුව ඊයේ  (16) කොළඹ රීගල් සිනමා වට රවුමේ සිට ජන අරගල භූමිය දක්වා දැවැන්ත පාගමනකින් ගොස් අරගලයට වැඩකරන ජන බලයේ සහය පළකළේය.

(ද ලීඩර්)