GMOA වෘත්තීය සංගම්වලට ආරාධනා කරයි

GMOA වෘත්තීය සංගම්වලට ආරාධනා කරයි

රටේ පවතින තත්ත්වයට විසදුම් යෝජනා ඉදිරිපත් කිරීමට වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ගොඩනඟන බවත්, ඊට එක්වන්නැයි රාජ්‍ය සේවයේ වෘත්තීය සංගම්වලට ආරාධනාකරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

නිවැරැදි තීරණ නිවැරැදි වේලාවට නොගැනීම, මූල්‍ය විනය බිඳවැටීම හා නුසුදුස්සන් තනතුරුවලට පත්වීම යන කරුණු හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික දේශපාලනික බිඳවැටීමට සිදුව තිබෙන බවද එම සංගමය සඳහන් කරයි.

රාජ්‍ය නිලධාරීන්ට හා වෘත්තීයවේදීන්ට රටේ ගැටලු විසඳීමට සහාය ලබාදීම අත්හළ නොහැකි වගකීමක් යැයිද එම සංගමය කියයි.

ඉතා ඉක්මනින් මැදිහත්වීම කොටිකාලීන මධ්‍ය කාලීන හා දිගු කාලීන විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීමටත්, එම යෝජනා යථාර්ථයක් බවට පත්කර ගැනීමටත් ඉදිරිපත් වන්නැයි වෘත්තීයවේදීන්ගේ සංගය ඉල්ලා සිටින බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියි.