අකුණුසැර වැදීමකින් වතු සේවකයින් 17කට තුවාලයි 

අකුණුසැර වැදීමකින් වතු සේවකයින් 17කට තුවාලයි 
හැටන්, කොටගල ප්‍රදේශයේ දී අකුණුසැර වැදීම හේතුවෙන් වතු සේවකයින් 17දෙනෙකු රෝහල්ගත කර තිබේ.
 
අකුණු සැර වැදීමෙන් ඇති වු කම්පනය සහ පිළිස්සුම් තුවාල හේතුවෙන් අදාළ වතු සේවකයින් තුවාල ලබා ඇති බව අප වාර්තාකරු පවසයි..
 
තුවාල ලැබූවන් සියලුදෙනා කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බව එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය  නිලධාරි සාවිත්‍රි ශර්මා මහත්මිය පැවසුවාය.
 
කොටගල ඩ්‍රේටන් තේ වත්තේ වැඩ කරමින් සිටිය දී අද (23) උදැසන 10.30ට පමණ එම වත්තේ සවි කර ඇති දුරකථන රැහන් කුළුණකට අකුණු සැර වැදී ඇත.
 
අකුණු සැර වැදිමත් සමඟ ඒ අසළ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් අකුණු සැරෙන් බේරිම සඳහා දිව යන අවස්ථාවේ තවත් වතු සේවකයින් පිරිසක් තුවාල ලබා ඇතැයි  දිස්ත්‍රික් වෛද්‍යවරිය කියාසිටියාය.