වතුකරයෙන් තවත් කොරෝනා පොකුරක් හඳුනා ගැනේ

වතුකරයෙන් තවත් කොරෝනා පොකුරක් හඳුනා ගැනේ
තලවකැලේ- ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් ඩයගම ටර්බට්ෆාම් සත්ත්ව ගොවිපල ආශ්‍රිතව නව කොවිඩ් වෛරසය ආසාදන වූවන් 37 දෙනෙකු ඊයේ(22) දිනයේ හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අංශ නිලධාරීහු  තහවුරු කර තිබේ.
 
මෙම ගොවිපල ආශ්‍රිතව කොවිඩ් වෛරසයආසාදිත පුද්ගලයන් හතර දෙනකු වාර්තාවීමත් සමග ඔවුන්ගේ ආශ්‍රිතයන් 91 කුට සිදු කරන ලද පී. සී. ආර්. පරීක්ෂණවලදී ඉන් පුද්ගලයන් 37 දෙනකු මෙසේ ආසාදිතයන් බවට තහවුරු වී ඇත.
 

ටර්බට්ෆාම් සත්ත්ව ගොවිපලේ සේවකයන් විශාල පිරිසක් මෙසේ කොවිඩ් ආසාදිතයන් ලෙස හමුව ඇති බවත් වෛරසය ආසාදිතව හඳුනාගත් පිරිසගේ ආශ්‍රිතයන් සියල්ල නිරෝධායනයට ලක් කොට ඉදිරියේදී ඔවුන් පී. සී. ආර්. පරීක්ෂණයට භාජනය කිරීමට කටයුතු කරන බවද සෞඛ්‍ය අංශ නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.