මැයි 28 වන දිනයෙන් පසුවත් සංචරණ සීමා පනවනවා ද?

මැයි 28 වන දිනයෙන් පසුවත් සංචරණ සීමා පනවනවා ද?

මැයි මස 28 වන දිනයෙන් පසුව ඊළඟ සතිඅන්නතයේ දීත් නැවත සංචරණ සීමා පනවන්නේ ද යන තීරණය ගන්නා බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම තීරණය පිළිබඳ සාකච්ඡාව ජනාධිපතිවරයා සමඟ මැයි මස 25 වන දිනයෙන් පසුව පවත්වන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ සෞඛ්‍ය අංශ මාධ්‍යයට පවසන ඇතැම් කරුණු සම්බන්ධයෙන් එම අවස්ථාවේ දී අවධානය යොමුකිරීමට නියමිත බවයි.

තවද,“කියන දෙයක් අපේ කාර්ය සාධක බලකායට කිව්වා නම් ඒක සාකච්ඡාවට භාජනය කරලා සුදුසුම ක්‍රියාවලිය ගන්න පුළුවන්. ඒ අතර 28 වන දා උදෑසන දක්වා දැනට තිබෙන ක්‍රමවේදය අනුව සංචරණ සීමා පනවා තිබෙනවා. නමුත් ජනාධිපතිවරයා පැහැදිලිව කිව්වා 25, 26 හෝ 27 දිනවල දී සාකච්ඡාවක් පවත්වලා අපට අවශ්‍ය වුනොත් තත්ත්වය සලකා බලා තව දුරටත්සංචරණ සීමා දීර්ඝ කරනවා ද කියන එක තීරණය කළ හැකියි කියලා. එහිදී කවුරුදු එපා කිව්ව කතාවක් නෑ. ජනාධිපතිවරයා ඊයෙත් ඒක කිව්වා අපිට 25, 26 හෝ 27 වෙද්දි ඊළඟ සති අන්තයත් මේ වගේ සංචරණ සීමා පනවනවා ද එතනිනුත් එහාට තවදුරටත් දින කිහිපයක් වැඩි කරන්න අවශ්‍ය නම් ඒකත් අපි සලකා බලන්න පුළුවන් කියන කාරණය.“ යනුවෙන්ද සඳහන් කර තිබේ.