සංචරණ සීමා ඉවත් කළ විට දුම්රිය ගමන් වාර කීපයක් ක්‍රියාත්මකයි

සංචරණ සීමා ඉවත් කළ විට දුම්රිය ගමන් වාර කීපයක් ක්‍රියාත්මකයි

සංචරණ සීමා අඟහරුවා දා ලිහිල් කළ විට අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමේ අරමුණින්  දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනය වන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා පවසයි.

ඒ අනුව අඹේපුස්ස සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ගමන් වාර තුනක් සහ කොළඹ කොටුව සිට අඹේපුස්ස දක්වා දුම්රිය ගමන් වාර තුන බැගින් ද, පොල්ගහවෙල සිට මහනුවර දක්වා සහ මහනුවර සිට පොල්ගහවෙල දක්වා දුම්රිය ගමන් වාරයක් බැගින්ද, අලුත්ගම සිට මරදාන දක්වා දුම්රිය ගමන් වාර දෙකක් සහ මරදාන සිට අලුත්ගම දක්වා දුම්රිය ගමන් වාර දෙකක් බැගින්ද, කොච්චිකඩේ සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ගමන් වාර දෙකක් සහ කොළඹ කොටුව සිට කොච්චිකඩේ දක්වා දුම්රිය ගමන් වාර දෙකක් බැගින් ද, අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා සහ කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා දුම්රිය ගමන් වාරය බැගින් ද, බෙලිඅත්ත සිට ඉඳුරුව දක්වා සහ ඉදුරුව සිට බෙලිඅත්ත දක්වා දුම්රිය ගමන් වාරය බැගින් ද ගමන් කිරීමට නියමිත බවද ඔහු සඳහන් කරයි

සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ට යටත්ව අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් එම දුම්රිය සේවය භාවිතා කරන ලෙසට මගෙන් ගෙන් ඉල්ලා සිටින බවද සෙනවිරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මූලාශ්‍රය -ලංකාදීප