සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ පරීක්ෂණ හෙට(20) හා අනිද්දා (21) දිනවලදී  

sri-lanka-nurses

සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ 2025 සඳහා කොළඹ, කළුතර, ගම්පහ හා කෑගල්ල දිස්ත්‍රික්ක වලට අදාළ සම්මුඛ පරීක්ෂණ 2025/09/20 හා 2025/09/21 දිනවල කොළඹ 10, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වෙන අතර, 2025 සඳහා මහනුවර, මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්ක වලට අදාළ සම්මුඛ පරීක්ෂණ 2025/09/20 හා 2025/09/21 දිනවල මහනුවර හෙද විදුහලේ දී පැවැත්වෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මෙම සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණිය යුතු වන්නේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිල වශයෙන් පෙර දැනුම්දීම් සිදු කල පුද්ගලයින් පමණක් බව එහි වැඩිදුරටත් සඳහන් වේ.