දුම්රියේ ගමන් බිමන් යන අයට විශේෂ දැණුම් දීමක් -මෙන්න අලුත් කාලසටහන

දුම්රියේ ගමන් බිමන් යන අයට විශේෂ දැණුම් දීමක් -මෙන්න අලුත් කාලසටහන

කොළඹ කොටුව පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති කාලසීමාව තුළ දුම්රිය ධාවනය වන ආකාරය පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, හෙට දින සිට නැවත් දැනුම්දෙන තුරු දුම්රිය ධාවනය පහත පරිදි වේ.

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පැමිණෙන දුම්රියන් හෙට සිට කොල්ලුපිටියට පමණක් සීමාකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවරගෙන තිබේ.

කොල්ලුපිටිය දුම්රිය ස්ථානය වෙත පැමිණෙන දුම්රියන්..

kollu1

කොල්ලුපිටිය දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන දුම්රියන්..

kollu go

කැලණිවැලි දුම්රිය මාර්ගය

නාරහේන්පිට දුම්රිය ස්ථානය දක්වා ධාවනය වන දුම්රිය..

nara 1

නාරහේන්පිට දුම්රිය මාර්ගයෙන් ගමන් අරම්භ කරන දුම්රිය…

nara 2

මේ අතර දුම්රිය මාර්ග අවහිරතාවයක් හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ 2020.10.26 සහ 2020.10.27 යන දිනවල කැලණිවැලි දුම්රිය මාර්ගයේ ගමන්කරන ඉහත දුම්රියන් හෝමාගම දුම්රිය ස්ථායේ සිට නාරාහේන්පිට දුම්රිය ස්ථාය දක්වා සහ නාරහේන්පිට දුම්රිය ස්ථායේ සිට හෝමාගම දුම්රිය ස්ථාන දක්වා පමණක් ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

පුත්තලම දුම්රිය මාර්ගය

වයික්කාල දුම්රිය ස්ථානය දක්වා ධාවනය වන දුම්රිය..

puth1

වයික්කාල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන දුම්රිය..

puth2

අතර මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින විභාග අපේක්ෂයින්, ගුරුවරුන් හා දෙමාපියන්ට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා ඉහත දුම්රියන් භාවිතා කරමින් ගමන් කිරීමට හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය පවත්වා ගෙන යාමට අත්‍යාවශ්‍ය දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන්ට හා සේවකයින්ට ද, කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා ඉහත දුම්රිය භාවිතා කරමින් ගමන් කිරීමට අවසර ලබා දී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඉහත දුම්රියවලට අමතරව අලුත්ගම – ගාල්ල, ගාල්ල – බෙලිඅත්ත, පොල්ගහවෙල – මහව සහ නාවලපිටිය කොට්ඨාසයේත්, අනුරාධපුර කොට්ඨාසයේත් සියලුම කෙටි දුර ධාවනය වන දුම්රිය නියමිත පරිදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් වෙනුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවනය වන දුම්රියන් පහත පරිදිවේ.

last