කොරෝනා වසංගත තත්ත්වය යටතේ ජනාධිපති කාර්යාලයෙන් මහජන සේවය ලබාගන්නේ මෙහෙමයි

කොරෝනා වසංගත තත්ත්වය යටතේ ජනාධිපති කාර්යාලයෙන් මහජන සේවය ලබාගන්නේ මෙහෙමයි

දැන් උද්ගතව ඇති කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි දෛනික කාර්යාලීය සේවක සංඛ්‍යාව අවමය දක්වා සීමා කර තිබුණද ජනාධිපති කාර්යාලයෙන් මහජනතාවට සැපයෙන සේවා අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබේ.

රෝගය පැතිරයාම පාලනය පිණිස පනවා තිබෙන සීමාවන් නිසා මහජනතාවට ජනාධිපති කාර්යාලයට පැමිණීමට ඇති අපහසුවද සැලකිල්ලට ගෙන දුරකථන, තැපෑල සහ විද්‍යුත් තැපෑල බඳු සන්නිවේදන මාර්ග ඔස්සේ ජනතා ඉල්ලීම් දැනුම් දීමටත්, ඉටු කිරීමටත් අවස්ථාව සලසා ඇත.

ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය, ඔම්බුඩ්ස්මන් කාර්යාලය සහ ජනාධිපති අරමුදල සමග පහත සඳහන් දුරකථන/ ෆැක්ස් අංක ඔස්සේ සම්බන්ධ වීමට පිළිවන.

ජනාධිපති මහජන සම්බන්ධතා අංශය – 0114354550/ 0112354550 / Fax 011 234885 e mail – This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ඔම්බුඩ්ස්මන් කාර්යාලය – 0112338073 / e mail – This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ජනාධිපති අරමුදල – 0112354354 / (දිගුව 4800/ 4814 / 4815 / 4818) / Fax 011 2331243 e mail – This email address is being protected from spambots. You need JavaScript enabled to view it.