ඉදිරි පැය 48 දී ඉල්ලීම් නොලැබුනොත් හෙද කාර්ය මණ්ඩල රෝහල් රජකාරි වලින් ඉවත් වන බවට අනතුරු ඇඟවිමක්

ඉදිරි පැය 48 දී ඉල්ලීම් නොලැබුනොත් හෙද කාර්ය මණ්ඩල රෝහල් රජකාරි වලින් ඉවත් වන බවට අනතුරු ඇඟවිමක්

කොළඹ මහ රෝහල ඇතුළු අනෙකුත් රෝහල් වල කොරෝනා වසංගතයත් සමග මතුවී ඇති ගැටළු නිරාකරණය නොවීම නිසා හෙද කාර්ය මණ්ඩලය බලවත් අසහනයකට ලක්වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය වෙත ලිපියක් යවමින් රාජ්‍ය සේවා හෙද සංගමය ඉල්ලා සිටින්නේ එම ගැටළු වලට කඩිනම් පැය 48ක් තුළ විසඳුම් නොලැබුණහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වන බවයි.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ මීට පෙර නිකුත් කොට ඇති චක්‍රෙලඛ නියෝග සෞඛ්‍ය බලධාරින් නොසලකා හැර ඇති බවත්, කොරෝනා වෛරසයට ගොදුරුව ඇති රෝගීන් හට සාත්තු කරන කාර්ය මණ්ඩලයට අවශ්‍ය පහසුකම්, ආරක්ෂිත උපකරණ නොලැබුණහොත් ඔවුන්ද මෙම වෛරසයට ගොදුරු වන බවටද වැඩිදුරටත් සඳහන් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩබලන නිලධාරින් මිස වැඩ කරන නිලධාරින් නොමැති බවත් චෝදනා කර ඇත.

කෙසේ වෙතත් තම සංගමය මගින් ඉල්ලා ඇති ඉල්ලීම් 11 සම්බන්ධයෙන් කඩිනම් විසඳමක් නොලැබුණහොත් පැය 48ක් ඇතුලත කිසිඳු දැනුම් දීමකින් තොරව කොළඹ මහා රෝහලේ හෙද කාර්ය මණ්ඩලය දැඩි වෘත්තීය අරගලයකට අවතීරණ වන බවත්, දිවයිනේ අනෙක් රෝහල් වලටද මෙම ගැටළු පවතින හෙයින් ඔවුන්ද එම විරෝධයට එක්වනු ඇති බවත් අනතුරු අඟවා ඇත.
ඉල්ලා ඇති ඉල්ලීම් වනුයේ,

1. හෙද කාර්ය මණ්ඩලයට ප්‍රවාහන පහසුකම් සැපයිම
2. ඇඳිරි නීතිය පවතින ප්‍රෙද්ශවල සිටින හෙද කාර්ය මන්ඩලය රෝහල් වලට ගෙන්වා ගැනීමට කටයුතු කිරීම
3. හෙද කාර්ය මණ්ඩලයට ආහාර පාන සැපයා ගැනීම සඳහා පහසුකම් සලසීම
4. බෝඩිං කාමර වල සිටින හෙ හෙදියන් සඳහා ඒවායින් ඉවත් වන ලෙස දන්වා ඇති අතර එවුන්ට ඒ සඳහා ආරක්ෂිත ස්ථාන සොයා දීම
5. හෙද විද්‍යාල නේවාසිකාගාර සම්පූර්ණයෙන්ම හෙ නිලධාරින්ට පමණක් ලබාදීමට කටයුතු කිරිම
6. ප්‍රමාණවත් පරිදි P. P. E. කට්ටල ලබාදීමට කටයුතු කිරීම
7. පිජාමා මසා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීම
8. වාට්ටුවක රෝගීන් කොරෝනා ආසාධිතයින් බව තහවුරු වූ විට ඒ සඳහා ක්‍රියාත්මක වීමට අපුමාදව අදාළ කටයුතු කිරීම
9. එම වාට්ටු විශබීජ හරණය කිරීමට නොපමාව කටයුතු කිරීම
10. ඇඳිරි නීතිය හේතුවෙන් ගර්භණී හෙද නිලධාරණියන් ලඟම ඇති රෝහලට වාර්තා කිරීමට යාමේදී ඒ ඒ රෝහල් වල පුරප්පාඩු නොමැති බව දන්වා ඔවුන්ව අපහසුතාවයට පත්කිරීම වැළැක්වීම
11. අත්‍යාවශ්‍ය ශල්‍යකර්ම පමණක් සිදුකරන ලෙස දන්වා චක්‍රෙල්ඛ නිකුත් කර තිබුණද ඒවා ක්‍රියාත්මක නොවීම.

මෙම ලිපිය රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති, පූජ්‍ය මුරුත්තේට්ටුවේ ආනන්ද හිමියන්ගේ අත්සනින් යවා ඇත.