පවතින තත්ත්වය යටතේ වැඩකරන ජනතාව ආරක්ෂා කිරීම සඳහා හදිසි සාකච්ඡාවකට ආරාධනා

පවතින තත්ත්වය යටතේ වැඩකරන ජනතාව ආරක්ෂා කිරීම සඳහා හදිසි සාකච්ඡාවකට ආරාධනා

Covid 19 නිසා නිදහස් වෙළඳ කලාපවල සහ වෙනත් ආයතනවල සේවය කරන සේවාදායකයන්ට මුහුණදීමට සිදුවී ඇති ඉතා බරපතළ ජීවන ගැටලු තත්ත්වයන් පිළිබඳව දැනට වසා දමා ඇති ආයතන මෙන්ම දැනට වැඩ කරන ආයතනවලද විවිධ ක්ෂේත්‍රවලට අයත් සේවාදායකයන් පිළිබඳව පවතින තත්ත්වය සමාලෝචනයට භාජනය කරන ලදී.

කැශුවල් , මෑන් පවර් හෝ ස්ථීර ආදී කවර තත්ත්වයක් යටතේ සේවය කලත්, සමහර අයට පවතින සන්දර්භය තුළ ප්‍රමාණවත්ද මුදල් ආදායමක් නොලැබෙන නිසා අසරණ තත්ත්වයට පත් වී ඇති බව වාර්තා වන බවත්, විශේෂයෙන් දෛනික වැටුප් ලබන අය සහ මෑන්පවර් සේවකයන්ට ආදායමක් නොමැති හේතුවෙන් ජීවත් වීම පිළිබඳ ප්‍රශ්න මතු වී ඇති බව ද සාකච්ඡාවට භාජනය වන ලදි.

මෙම කොවිඩ් වසංගත තත්ත්ය යටතේ සියලු දෙනා එක්වී වැඩකරන ජනතාව වෙනුවෙන් ආරක්ෂාකාරී වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා සියලු වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන එක්වී කටයුතු කිරීම සඳහා සියලුම වෘත්තීය සමිති වලට විවෘත ආරාධනයක් කර සිටී.

එම සාකච්ඡාව 2020 ඔක්තෝබර් මස 29 දින පෙරවරු 10.00 ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගම් මූලස්ථානයේදී (CMU) මූලස්ථානයේදී පැවැත්විමට කටයුතු සූදනාමක් කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් විවිධ අදහස් හා යෝජනා ඇත්නම් සාකච්ඡා කිරීම සඳහා පහත සඳහන email – This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ලිපිනයට එවන මෙන් ඉල්ලා සංවිධායකයින් ඉල්ලා සිටී.

වැඩි විස්තර දැනගැනීම සඳහා සිල්වෙස්ටර් ජයකොඩි (0778201690) හා ජෝශප් ස්ටාලින් (0773112541) මහත්වරන්ගෙන් දැනගත හැකි බව දන්වා සිටී.

(මෙම රැස්වීමට පැමිණෙන්නන් පවතින තත්ත්වය යටතේ සෞඛ්‍ය ආරක්ෂක සමාජ ආරක්ෂන ක්‍රමවේද අනුගමනය කිරීම අත්‍යාවශ්‍ය බව වැඩිදුරටත් සඳහන් කර සිටී.)