අභ්‍යාසලාභී පත්වීම් වලදී ප්‍රතික්ෂේප වූ උපාධිධාරීන් රැකියාගත කරන ලෙස ඉල්ලීමක්

පොරොන්දු වූ පරිදි EPF - JOB හේතු නිසා නම් ප්රතික්ෂේප වූ උපාධිධාරීන්ගේ නාම ලේඛනය ප්රසිද්ධ කොට ඔවුන් කඩිනමින් රැකියා ගත කල යුතු බවට ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය පෙන්වා දෙයි.

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය 2020/11/12 EPF , JOB හේතු නිසා නම් ප්රතික්ෂේප වූ උපාධිධාරීන් පසුගිය සැප්තැම්බර් 23 වෙනිදා උද්ඝෝෂණ පාගමනකින් ගොස් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී බලධාරීන් සමග සාකච්ඡාවක නිරත විණි. එහිදී රාජ්ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශය පාර්ශවයෙන් කල කරුණු දැක්වීම අනුව තීරණය වූයේ නොවැම්බර් 22 වන විට මෙම පිරිස ද රැකියා ගත කොට අවසන් කරන බවයි. එසේ නම් එම පිරිසෙහි නාම ලේඛනය ප්රසිද්ධ කොට නොවැම්බර් 22 වන විට පත්වීම් ලිපි යවා ඉන්පසු වහාම ඔවුන් පුහුණුව සඳහා බඳවා ගත යුතු බව අපි බලධාරීන්ට අවධාරණය කරමු.

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය