මාධ්‍ය හමුවක් තිබ්බාට සුවසැරිය සේවක සංගමයේ තිදෙනෙකුගේ වැඩතහනම්

මාධ්‍ය හමුවක් තිබ්බාට සුවසැරිය සේවක සංගමයේ තිදෙනෙකුගේ වැඩතහනම්

සුවසැරිය සේවක සංගමයේ සභාපති , උප සභාපති සහ උප ලේකම් යන තිදෙනාගේ සේවය අත්හිටුවා ඇති බව එම සංගමය විසින් නිවේදනය කර තිබේ.

සුවසැරිය-" 1990 - " ගිලන්රථ සේවක , සේවිකාවන්ට පවතින අඩුපාඩු සම්බන්ධයෙන් අදාළ අංශයන්හි අවධානය පිණිස මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම හේතුවෙන් මෙම අත්හිටුවීම සිදුකර ඇති බව සඳහන්ය.

එම ගිලන්රථ සේවාවෙහි දිවයින පුරා නිරතව සිටින 1364 ක් පමණ වන සේවක , සේවිකාවන්ට ගිලන්රථ සේවාව පවත්වාගෙන යාම පිණිස රැඳී දී සිටීමට සිදුව ඇති පොලිස් ස්ථාන ඇතුළු ස්ථානයන්හි කිසිදු පහසුකමක් නොමැතිවීම , වැසිකිළි සෞඛ්‍යාරක්ෂිත පහසුකම් පවා නොමැතිවීම ඇතුළු පවතින ප්‍රශ්න හා ගැටළු සම්බන්ධයෙන් පසුගිය 24 වෙනිදින මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම මත සංගමයෙහි නිලධාරීන් තිදෙනෙකුගේ සේවය මෙලෙස අත්හිටුවා ඇති බව එම සංගමයේ සභාපතිනී මයුමී ප්‍රියංගිකා වීරසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.

මෙම තිදෙනාගේ සේවය අත්හිටුවීමට අදාලව, 1990 - සුවසැරිය සේවාවේ මානව සම්පත් කළමණාකාරවරයාගේ අත්සනින් යුත් ලිපිය ප්‍රධාන මෙහෙයුම් නිලධාරී විසින් ඊයේ (25) රාත්‍රී 8 ට පමණ ලබාදීම සිදු කළ බව සංගමයේ සභාපතිනිය වැඩිදුරටත් කියා සිටියි.