ගුරු විභාග සමතුන්ගේ රැකියා ගැටළුව යලිත් කරලියට එයි

ගුරු විභාග සමතුන්ගේ රැකියා ගැටළුව යලිත් කරලියට එයි
උපාධිධාරීන් ලෙස ගුරු විභාගයෙන් සමත් වී වසර දෙකකට ආසන්න කාලයක් ගෙවී තිබුණ ද තවමත් පත්වීම් ලබාදීමට නිසි වැඩපිළිවෙළක් සැකසීමට බලධාරීන් අපොහොසත් වීම නිසා ඊට විරෝධය දක්වමින් හෙට (14) දිනයේ බස්නාහිර පළාත් ගුරු විභාග සමතුන් උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානයකර තිබේ.
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඤාණානන්ද හිමියන් පෙන්වා දෙන්නේ අවස්ථා ගණනාවක දී ම ගුරු විභාග සමතුන්ගේ රැකියා ගැටළුව සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කළද ඒ කිසිවකට නිශ්චිත පිළිතුරක් මෙතෙක් නොලැබුණු බවයි.
 
එබැවින් ඊට විරෝධය දක්වා හෙට (14) දිනයේ බස්නාහිර පළාත් සභාව ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානයකර තිබෙන බවයි තැන්නේ ඤාණානන්ද හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ.