සෞඛ්‍ය සේවකයින්ගේ උද්ඝෝෂණයක්

සෞඛ්‍ය සේවකයින්ගේ උද්ඝෝෂණයක්

 සෞඛ්‍ය සේවාවේ ගැටලු සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක් සෞඛ්‍ය අමාත්‍යංශයේ බලධාරින් දැනුවත් කිරීමට අමතරව, සෞඛ්‍ය අමාත්‍යවරිය සමග කරන ලද සාකච්ඡාවක් කළත් මේ වනතෙක් තම ඉල්ලීම් පිළිබඳ සාධාරණයක් ඉටුනොවීම සම්බන්ධයෙන් එම ඉල්ලීම් ක්‍රියාත්මක කරවාගැනීම සඳහා බලකිරීමේ උද්ඝේෂණයක් අද(15) පෙරවරු 10.00ට විහාරමහා දේවී උද්‍යාණය ඉදිරිපිටදී පැවැත්වෙන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඔවුන්ගේ ඉල්ලීම් වනුයේ,

1. දින 180 සම්පූර්ණ කළ සියලු ආදේශක සේවකයින් ස්ථිර කිරීම
2. ප්‍රමාද කළ උපස්ථායක පත්වීම් කඩිනමින් ලබාදීම
3. සියලු සෞඛ්‍ය සේවකයින්ට විශේෂ අවධානම් දීමනාවක් ලබාදීම
4. සතියේ වැඩකරන අමතර පැය 08ට වැටුපෙන් 01/30 දීමනාවක් ලබාදීම
5. නිළ ඇඳුම් දීමනාව රු. 15,000ක් කිරීම

වසංගත තත්ත්වයක් තුළ ජීවිත අවධානම සහිතව සේවකයින් කටයුතු කරමින් සිටින අතර, ඔවුන්ගේ ජීවිත හා රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ ගැටළු ගණනාවක් ඇතිවී ඇති බවත්, මෙම ගැටළු සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී එවා ඉටුකිරීමට පොරොන්දු ලබාදුන්නත් එය පොරොන්දු වලට පමණක් සීමාවී ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.
මෙම ඉල්ලීම් පොරොන්දු වලට පමණක් සීමානොවී කඩිනමින් විසඳීමට පියවර ගන්නා ලෙස බලකරමින් මෙම උද්ඝෝණය පවත්වන බව වැඩිදුරටත් සඳහන්වේ.