රාජ්‍ය පරිපාලන සේවයේ පුරප්පාඩු රැසක් - බඳවා ගැනීම් කඩිනමින්....

රාජ්‍ය පරිපාලන සේවයේ පුරප්පාඩු රැසක් - බඳවා ගැනීම් කඩිනමින්....

රාජ්‍ය පරිපාලන සේවයේ පුරප්පාඩු 380 ක් පමණ පවතින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා සඳහන් කළේ, ඒ අතර ප්‍රාදේශීය ලේකම්වරුන් රැසක් ද සිටින බවයි.

ජනවාරි මාසයේදී නවක නිලධාරීන් 200 කට ආසන්න සංඛ්‍යාවක් බඳවා ගැනෙන බව ද ඔහු සඳහන් කළේ ය.

ඊට අදාළ විභාග කටයුතු මේ වනවිටත් අවසන් ය.

ඒ අනුව ලබන ජනවාරී මාසයේදී ඒ සඳහා සුදුස්සන් බඳවා ගැනෙනු ඇති.