වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා කදුරට කම්කරුවෝ මහ පාරේ

වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා කදුරට කම්කරුවෝ මහ පාරේ

වතු කම්කරුවන් සඳහා රුපියල් 1000 වැටුප් වැඩිකරන්නැයි ඉල්ලමින් ඊයේ (10) නුවරඑළිය තැපැල් කාර්යාලය ඉදිරිපිටදී කඳුරට ජනතා පෙරමුණ සහ කඳුරට කම්කරු පෙරමුණ ඒකාබද්ධව උද්ඝෝෂණයක නිරත වුහ.

අයවැය යෝජනා යටතේ මුදල් අමාත්‍යවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනවාරි මාසයේ සිට වතු කම්කරුවන් සදහා රුපියල් 1000ක වැටුප් වැඩිකරන බව පොරොන්දු වුවත් මේ දක්වා එය ඉටු නොවු බව පවසමින් ඔවුහු විරෝධතාවයේ යෙදුණහ.

මෙම අවස්ථාවට කඳුරට ජනතා පෙරමුණේ නායක සමගි ජනබලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික්ක මන්ත්‍රි වී රාධ ක්‍රිෂ්ණන්, හිටපු පළාත් සභා මන්ත්‍රී ආර් රාජාරාම්, කඳුරට ජනතා පෙරමුණේ ලේකම් විජය චන්දරන් යන මහත්වරු සහ  වතු කම්කරුවෝ එක්ව සිටියහ.