නැගෙනහිර ජැටිය රැකගන්න වෘත්තීය සමිති යෝජනා ලබාදෙය

නැගෙනහිර ජැටිය රැකගන්න වෘත්තීය සමිති යෝජනා ලබාදෙය
දේශීය තාක්ෂණික දැනුම යොදාගනිමින් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීම සඳහා වූ යෝජනාවලිය වරාය වෘත්තීය  සමිති විසින් වරාය අමාත්‍යාංශය වෙත භාර දී තිබේ.
 
එම යෝජනාවලිය අමාත්‍ය මණ්ඩල අනුකමිටුව වෙත බාර දීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.
 
ඊයේ (22) දහවල් කොළඹ වරාය පරිශ්‍රයේ උද්ඝෝෂණයක නිරත වූ වරාය සේවකයින් අනතුරුව එම යෝජනාවලිය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාර දී ඇත.
 
අදාළ යෝජනාවලිය භාර දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සාමාජික ශාමල් සුමනරත්න මහතා මෙසේද කියා සිටියේය.
 

“රටම එක පැත්තට ගත්තේ ආණ්ඩුව පෙරළන්න නෙමෙයි. අපිට ඒ අරමුණු මොකුත් නැහැ. අපිට තියෙන එකම එක අරමුණයි. ඒ අනාගත මතු පරම්පරාව උදෙසා මගේ මාතෘ භූමියට මේ නැගෙනහිරි පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය හරහාම ක්‍රියාත්මක කරලා රාජ්‍ය ව්‍යවසාය යටතට පත්කිරීම පමණයි. ඒකට තමයි මේ යෝජනාවලිය අද මේ රටේ සිටින සිවිල් සංවිධාන සහ මහ සංඝරත්නය ඇතුළු මේ සියලුදෙනාම එකතුවෙලා පොදු ලියවිල්ලක් හදලා. රටේ යෝජනාව මහත් ජනතාවගේ යෝජනාව විදිහට අපි අද වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමාට භාර දුන්නේ. අපි විශ්වාස කරනවා මේක කුණු කූඩයට නොදා, මේක නිකම්ම නිකන් ලියවිල්ලක් නෙමෙයි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා, අපි බලාගෙන ඉන්නවා ඒකට ලිඛිතව පිළිතුරු ලැබෙන තුරු. මේකට අවස්ථාවක් නොදුනහොත් නැගෙනහිර පර්යන්තය මේ මාතෘ භූමියට හිමිකර දීම සඳහා අපිට කරන්න තියෙන ලොකුම කැපකිරීම මොකක්ද ඒ කැපකිරීම වුණත් කරන්නට සූදානම්."