රාජකාරියේදී මිය යන හා ආබාධිත වන අයගේ දරුවන්ට මෙවරත් ශ්‍රම වාසනා ශිෂ්‍යත්ව ප්‍රදානය කරයි

රාජකාරියේදී මිය යන හා ආබාධිත වන අයගේ දරුවන්ට මෙවරත් ශ්‍රම වාසනා ශිෂ්‍යත්ව ප්‍රදානය කරයි

වැඩබිම් වල දී සිය රාජකාරියේ යෙදී සිටිය දී ආබාධිත වූ හා මිය ගිය අයගේ දරුවන් සඳහා ලබා දෙන ශ්‍රම වාසනා ශිෂ්‍යත්ව අධ්‍යාපන ආධාර වැඩසටහන මේ වසරේත් ක්‍රියාත්මක කරන බව කම්කරු අමාත්‍යංශය පවසයි.

වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කම්කරු අමාත්‍යවරයාව සිටිය දී 1996 දි අරඹන ලද ශ්‍රම වාසනා ලොතරැයියේ ආදායමෙන් පිහිටුවන ලද වර්තමානයේ මුදල් අමාත්‍යංශය යටතේ පවත්නා ශ්‍රම වාසනා අරමුදල මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කරයි.

පවුලේ ප්‍රධාන ආදයම් උපයන්නා හෝ රැකවල්කරු අහිමි වු හෝ ආබාධිත වි ජීවනෝපාය අහිම් වු පවුල් වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩා වැටීමට ඉඩනොදිමට, එම පවුලට ආර්ථික ශක්තියක් ලබා දී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දිරිගැන්වීම මෙම ශිෂ්‍යාධාර වැඩසටහනේ අරමුණ වේ.

ඒ අනුව එම දරුවන්ට 2020 වසරේ ශිෂ්‍යත්ව සහ අධ්‍යාපන ආධාර ප්‍රදානය කිරීම ජනවාරි 26 වැනිදා (අද) පෙරවරු 11.00 ට කම්කරු දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී කම්කරු අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වේ.

2000 ආරම්භ කළ ශ්‍රම වාසනා ශිෂ්‍යත්ව සහ අධ්‍යාපන ආධාර වැඩ සටහන මෙවර පවත්වන්නේ 21 වරටයි.

මේ වන විට දරු දැරියන් (2000) දෙදහසකට ආසන්න ප්‍රමාණයකට මෙම ශිෂ්‍යත්ව සහ අධ්‍යාපන ආධාර ලබා දී ලබාදී ඇති අතර, මෙවර දරු දැරියන් සියයකට ආසන්න ප්‍රමාණයකට මෙම ශිෂ්‍යත්ව හා අධ්‍යාපන ආධාර ලබාදීම සිදු කෙරේ.මේ යටතේ පෙරපාසලේ සිට උසස් අධ්‍යාපනය ලබන දරුවන් දක්වා දරුවන් 100 කට ආසන්න ප්‍රමාණයකට මෙම ශිෂ්‍යත්ව සහ අධ්‍යාපන ආධාර ලබාදීම සිදු කෙරේ.

පවතින කෝවිඩ් වසංගත තත්වය සැලකිල්ලට ගනිමින් මෙම ශිෂ්‍යත්ව ලාභී දරුවන් කොළඹට ගෙන්වීම සීමා කිරීමට තමන් උපදෙස් දී ඇතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.එහෙත් ප්‍රාදේශීය කම්කරු කාර්‍යාලවලට එම දරුවන් කැඳවා එම දරුවන්ට මෙම අවස්ථාවට සමගාමීව එම දරුවන්ට එම ශිෂ්‍යත්ව සහ අධ්‍යාපන ආධාර ලබාදීමට කටයුතු යොදා ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.කොළඹ රත්නපුර මාතර හම්බන්තොට, මහනුවර, ගම්පහ, මොණරාගල, කෑගල්ල, ගාල්ල, අනුරාධපුර, පුත්තලම, කළුතර, අම්පාර සහ යාපනය යන දිස්ත්‍රික්කවල දරු දැරියන්ට මෙම ශිෂ්‍යත්ව සහ අධ්‍යාපන ආධාර ලැබීමට නියමිතය.

මෙම එක දරුවෙකුට රුපියල් පනස් දහසක (50,000) ක ස්ථිර තැන්පතුවක් ද රුපියල් (10,000) දස දහසක පාසල් උපකරණ ද ද රුපියල් (2000) දෙදහසක පාවහන් ලබා ගැනීමේ වවුචර පත් ද හිමි වේ.දරුවන්ගේ භාරකරුවන්ට මාස තුනකට වරක් මෙම ස්ථිර තැන්පතුවේ පොලිය ලබාගත හැකි බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත් පවසයි.

කම්කරු අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරන මහතා, ශ්‍රම වාසනා අරමුදලේ සභාපති ජූඩ් නිලුක්ෂාන් මහතා ද එහි සාමාන්‍යාධිකාරි ඩී.ආර් ජයලත් මහතා ද කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ද මෙම අවස්ථාවට එක්වෙති.