රාජ්‍ය ආයතනවලට අදාළ නව චක්‍රලේඛයක් -මෙන්න විස්තර

රාජ්‍ය ආයතනවලට අදාළ නව චක්‍රලේඛයක් -මෙන්න විස්තර
සියලු රාජ්‍ය ආයතනවල සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදනයන් නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතු බවට නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට රාජ්‍ය සේවා පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශය තීරණයක් ගෙන තිබේ.
 
එම තීරණයට අනුව ආසන්නතම දිනයකදී එම චක්‍රළේඛය නිකුත් කිරීමට අපෙක්ෂිත අතර එලෙස චක්‍රළේඛයක් නිකුත් කිරීමේ ප්‍රධානම අරමුණ බොහෝ රාජ්‍ය ආයතනවල නිවැරදි සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම බවයි අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා ප්‍රකාශකර ඇත්තේ.
 
කොරෝනා වසංගතය තුළත් රටේ ආර්ථිකය පවත්වාගෙන යාමේ අරමුණින් ආයතන ප්‍රධානින්ගේ අභිමතය පරිදි රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීම මේවනවිට ක්‍රියාත්මකව පවතින අතර  රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිර්දේශ කර ඇත්තේ එම කැඳවීම් සෞඛ්‍ය නිර්දේශ පදනම්ව කළයුතු බවයි.
 
එමෙන්ම, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, අධිකාරි, සංස්ථා, කාර්යාංශ ආදී සියලුම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන නිරීක්ෂණය කර වහාම සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ දුර්වලතා නිවැරදි කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.