සුදුසුකම් සැපිරූ සියලු උපාධිධාරීන්ට පත්වීම් ලබාගැනීම ගැන විශේෂ සඳහනක්

සුදුසුකම් සැපිරූ සියලු උපාධිධාරීන්ට පත්වීම් ලබාගැනීම ගැන විශේෂ සඳහනක්

රැකියා විරහිත උපාධිධාරීන් / ඩිප්ලෝමාධාරීන් සඳහා අභ්‍යාසලාභී පුහුණුවක් ලබාදීම - 2020 දිවුරුම් ප්‍රකාශ මඟින් ගනු ලබන රැකියා විරහිත උපාධිධාරී දින සම්බන්ධයෙන් ස්ථීර රැකියාවක නිරත නොවූ බවට ප‍්‍රකාශ කිරීම යන ප්‍රකාශයක් ලබා ගැනීම ප්‍රායෝගික නොවන මෙන් අසාධාරණ කටයුත්තක් බව පෙන්වා දෙන සංවර්ධන නිලධාරී සේවා සංගමයසුදුසුකම් සම්පූර්ණ කළ තෝරාගැනීමේ නාම ලේඛනවල නම් සහිත සියලූ පිරිස් සඳහා අවස්ථාව හිමිවන පරිදි කටයුතු කරන මෙන් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීමේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

2021.01.21 දින PS/GT/2020-I ඔබගේ අංක සහිත ලිපියේ දිවුරුම් ප්‍රකාශයට අදාළ දින හා රැකියා විරහිතභාවය පිළිබඳ තත්වය යටතේ ලබාදිය යුතු තොරතුරු පිළිබඳ විශේෂ අවධානය කඩිනමින් යොමු කරමු.

එමෙන්ම අපේ රටේ තරුණ තරුණියන් රටේ ඉහළම අධ්‍යාපන සුදුසුකම් සම්පූර්ණ කරගෙන රජය කවදා හෝ දවසක රැකියාවක් ලබා දෙනු ඇතැයි බලා නොසිට තමන්ගේ අධ්‍යාපන මට්ටමට සාධාරණ නොවන නමුත් කුමන හෝ රැකියාවක නිරතව තමන්ගේත් තම පවුල්වල සාමාජිකයින්ගේත් ජීවන බර අඩු කරගැනීම වෙනුවෙන් ක්‍රියා කිරීම රජයක් විසින් අගය කළයුතු ක්‍රියාවකි.

නමුත් දිගින් දිගටම සිදු වන්නේ වසර ගණනාවකට පසු අධ්‍යාපන සුදුසුකමට සරිලන රැකියාවකට ඉල්ලූම් කිරීමට උත්සහ කිරීමේ දී එවැනි පිරිස් දැඩි පීඩනයකට හා අපහසුතාවකට ලක් වීමක් බව අවධාරණය කරමු.

02. 2021.02.01 දින සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත වාර්තා කිරීමට නියමිතව සිටිනුයේ 2020.11.23, 2020.12.11 හා 2020.01.05 යන දිනවල ප්‍රකාශයට පත්කළ තෝරාගත් නාම ලේඛනවල නම් සහිතව උපාධිධාරීන්ය.

03. උක්ත දින සහිත ලේඛනවල නම් සඳහන් වන අයගේ බොහෝ පිරිස් අමාත්‍යාංශය මඟින් 2020.08.16 දින නිකුත් කළ ලේඛන වලට අනුව විවිධ හේතූන් මත ප්‍රත්ක්‍ෂේප වූ කාණ්ඩවලට අයත් වූවෝ වෙති.

04. එම පිරිස් අභියාචනා යොමු කිරීමේ ක්‍රියාවලියට පවා ඇතුළත් වූයේ අප සංගමය හා විෂයභාර ගරු අමාත්‍යතුමා සමඟ 2020.09.09 දින පැවති සාකච්ඡාවෙන් අනතුරුවය.

05. බොහෝ පිරිස් තමන් තෝරාගැනීමේ නාම ලේඛනයට ඇතුළත් වේදැයි අවිනිශ්චිත මොහොතක කල්ඇතිව කරන රැකියාවෙන් ඉවත් වී සිටින්නේ යැයි සහතිකයක් අදාළ අංශ මඟින් අභියාචනා යොමු කළ උපාධිධාරීන්ට ලබා නොදුණි.

06. 2021.01.05 න් පසු තෝරාගැනීමේ සමඟ සමාන සුදුසුකම් සහිත උපාධිධාරීන් තවදුරටත් තමන්ගේ තොරතුරු ඉදිරිපත් කරමින් විසඳුමක් අපේක්‍ෂාවෙන් සිටී.

එම නිසා 2021.02.01 දින යොමුකළ යුතු දිවුරුම් ප්‍රකාශනයේ 2020.09.15 දිනට ස්ථීර රැකියාවක නිරත නොවූ බවට ප‍්‍රකාශ කිරීම යන ප්‍රකාශයක් ලබා ගැනීම ප්‍රායෝගික නොවන මෙන් අසාධාරණ කටයුත්තක් බව පෙන්වා දෙන අතර රැකියා විරහිතභාවය 2020.09.15 දිනට යන්න නොසලකා සෙසු සුදුසුකම් සම්පූර්ණ කළ තෝරාගැනීමේ නාම ලේඛනවල නම් සහිත සියලූ පිරිස් සඳහා අවස්ථාව හිමිවන පරිදි කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමු.