ප්‍රසුත කප්පාදුවට එරෙහිව අත්සන් කළ ඒකාබද්ධ ප්‍රකාශය ජනාධිපති බාරදීම අද

ප්‍රසුත කප්පාදුවට එරෙහිව අත්සන් කළ ඒකාබද්ධ ප්‍රකාශය ජනාධිපති බාරදීම අද

ප්‍රසුත නිවාඩු කප්පාදුවට එරෙහිව අත්සන් කළ ඒකාබද්ධ ප්‍රකාශය ජනාධිපතිවරයාට අද දින බාර දෙන බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

2019 සැප්තැම්බර් මාසයේ සිට රාජ්‍ය සේවය බඳවා ගත් අභ්‍යාසලාභී උපාධිධාරිනියන්ට හිමි ප්‍රසුත නිවාඩු වැඩකරන දින 47කට කප්පාදු කිරීමට එරෙහිව 2020 දෙසැම්බර් මස 24 දින වෘත්තීය සමිති, කාන්තා සංවිධාන හා බහුජන සංවිධාන එක්ව අත්සන් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය ජනාධිපතිවරයා වෙත ලබාදීමට කටයුතු කරන බව වැඩිදුරටත් සඳහන් කරයි.