වරාය අද සිට අකුරට වැඩ

වරාය අද සිට අකුරට වැඩ

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමූහයට විකිණීමට එරෙහිව වරාය සේවයකයෝ අද (29 වැනිදා) දහවල් සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරති.

වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ සඳහන් කළේ අද (29 වැනිදා) දහවල් වරාය සේවකයින් උද්ඝෝෂණය නිරතවීමෙන් අනතුරුව අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි.

එසේම මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය දෙමින් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිතිද වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන ගොරකානගේ සඳහන් කරයි.

(අරුණ)