කොවිඩ් එන්නත මන්ත්‍රීන්ට නොව හෝටල් සේවකයින්ට ලබාදෙන්න

කොවිඩ් එන්නත මන්ත්‍රීන්ට නොව හෝටල් සේවකයින්ට ලබාදෙන්න

පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට නොව හෝටල් සේවකයින්ට ප්‍රමුඛතාවය ලබාදෙන ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගෙන් ඉල්ලා සිටිමින් හෝටල් සේවක මධ්‍යස්ථානය-අන්තර් සමාගම් සේවක සංගමය ලිපියක් යවා ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

මේ වනවිට විදෙස් සංචාරකයන්ට අදාල සෞඛ්‍ය රෙගුලාසි ලිහිල් කරමින් සංචාරකයින් ගෙන ඒම සඳහා වැඩි ඉඩකඩක් ලබාදීමට සංචාරක අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව සංචාරක කර්මාන්තයට සම්බන්ධ සේවක ප්‍රජාව ඍජුව සංචාරකයන් සමඟ ගැටෙන තත්වය වැඩිවන බැවින් ඔවුන් අනතුරට මුහුණදෙන ප්‍රමුඛ සමාජ කණ්ඩායමක් බවට පත්ව ඇත. සංචාරක අමාත්‍යාංශය නිවේදන කර ඇත්තේ සංචාරකයන් ලෙස පැමිණෙන ළමුන්ගේ (අවු. 12ට අඩු) PCR පරීක්‍ෂණ ද නොකිරීමට තීරණය කර ඇති බවයි.

මේ හේතුවෙන් මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ප්‍රමුඛතාවය දී කොරෝනා-19 සඳහා එන්නත ලබාදීමට ආණ්ඩුව තීරණය කර තිබීම කණගාටුදායක තත්වයකි. එහෙයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොව, සංචාරක කර්මාන්තයේ සේවකයන් එන්නත ලබාදීමේදී ප්‍රමුඛ සමාජ කණ්ඩායමක් ලෙස තෝරාගන්නා ලෙස ඉල්ලා සිටිමු.