ඉල්ලීම් නොසලකා හරින්නේ නම් ඉදිරියේ දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නවා (PHOTO)

ඉල්ලීම් නොසලකා හරින්නේ නම් ඉදිරියේ දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නවා (PHOTO)

ඉල්ලීම් 11 ක් මුල්කර ගනිමින් ඊයේ (17) දිවයින පුරා රෝහල් කණිෂ්ඨ කාර්‍යමන්ඩල සංකේත වැඩවර්ජනයක නිරත විය. ඒ සඳහා කොළඹ ජාතික රෝහල, කඹුරුපිටිය මූලික රෝහල, කලුතර (නාගොඩ) මහ රෝහල, දඹුල්ල. මූලික රෝහල, මහඔය මූලික රෝහල, නුවරඑළිය මහ රෝහල, කෑගල්ල මහ රෝහල, මහනුවර ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල (කලුබෝවිල ) උතුරු කොළඹ ශික්ෂණ රෝහල(රාගම) වාලච්චේන මූලික රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල, මීරාවෝඩෙයි ප්‍රාදේශීය රෝහල, රඹුක්කන. දිසා රෝහල, ත්‍රිකුණාමලය මහ රෝහල, ලේනදොර ප්‍රාදේශීය රෝහල, විල්ගමුව ප්‍රාදේශීය රෝහල, පානදුර මූලික රෝහල, හම්බන්තොට මහ රෝහල, බේරුවල මූලික රෝහල, ඇතුලු රෝහල් 31 ක සෞඛ්‍ය කණිෂ්ඨ කාර්යමණ්ඩලය සම්බන්ධ වී ඇත.

එම ඉල්ලීම් තව දුරටත් සෞඛ්‍ය බලධාරීන් විසින් නොසලකා හරින්නේ නම් සියලු රෝහල් ඒකාබද්ධ කොට ගත් දැඩි ක්‍රියාමාර්ගයක යෑමට සිදුවන බව මාධ්‍ය වෙන අදහස් දක්වමින් එම සංගමයේ ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියන් ප්‍රකාශ කර සිටී.

ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ සභාපති චමින්ද නිලන්ත මහතා ප්‍රකාශ කර සිටියේ රජයේ කෝවිඩ් අවදානමේ පවා තමන් පැය 48 ක් සතියකට සේවයේ නිරතවන බවයි. එසේ වුවද ඒ සඳහා කිසිඳු දීමනාවක් හෝ නොගෙවීම ඉතා අසාධාරණ බවත් හෙතෙම ප්‍රකාශ කලේය.