ගුරුවරුන්ට රජයෙන් අලුත් පුහුණුවක් -ඔබ මේ ගැන දැනුවත්ද?

ගුරුවරුන්ට රජයෙන් අලුත් පුහුණුවක් -ඔබ මේ ගැන දැනුවත්ද?
මත්ද්‍රව්‍යවලට පුරුදු වී සිටින දරුවන් ඉන් මුදාගැනීමට ගුරුවරුන්ට විශේෂ පුහුණුවක් ලබා දෙන බව මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර පැවැසීය.

 

මේ අනුව මූලික අදියරේදී සෑම පාසලක්ම නියෝජනය වන පරිදි ගුරුවරුන් ගුරුවරියන් තිදෙනා බැගින් තෝරාගෙන අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය වෙතින් පුහුණුවක් ලබාදීමට නියමිතය.

මත්ද්‍රව්‍යවලට පාසල් දරුවන් හුරුකරවීමට ජාවාරම්කරුවන් ගන්නා උත්සාහය වළක්වාලීම සඳහා දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ලෙස සියලු පාසල්වල මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පත්කිරීමටද මහජන ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ආචාර්යවරුන්, ශිෂ්‍ය නායකයන් හා දෙමාපියන්ද සමන්විත කමිටු ආරම්භ කිරීම සඳහා මේ වනවිට අවධානය යොමුකර තිබේ.

මෙමගින් පාසල් දරුවන් අතරේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ දරුවන් තෝරාගෙන මත්ද්‍රව්‍ය පාසල්වලට එන මාර්ග වැළැක්වීම හා මත්ද්‍රව්‍යවල භයානකකම ගැන දරුවන් දැනුවත් කිරීම අරමුණ බව රියර් අද්මිරාල් සරත් වීරසේකර පැවැසීය