හෙද හෙදියන් වැඩ වර්ජනයකට සැරසෙයි

හෙද හෙදියන් වැඩ වර්ජනයකට සැරසෙයි
හෙද නිලධාරිනියන් මුහුණපා සිටින ගැටළුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් දිවයින පුරා විරෝධතා මාලාවක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය නිවේදනය කර තිබේ.
 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කර ඇත්තේ මිනුවන්ගොඩ රෝහලේ වෛද්‍ය අධිකාරීවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපයට විරෝධය පල කරමින් ලබන සඳුදා මිනුවන්ගොඩ රෝහලේ හෙද නිලධාරිනියන් වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි.