කම්කරු අරගල මධ්‍යස්ථානයෙන් විරෝධතායක්

protest

කම්කරු අයිතීන් දිනවන මහජන දේපළ සුරකින වෘත්තීය සමිති ඒකාබද්ධ පෙළපාලිය හා රැළියක් අද (23) පවත්වන බව කම්කරු අරගල මධ්‍යස්ථානය නිවේදනය කරයි.
මේ වන විට සෞඛ්‍ය සේවකයින්, සංවර්ධන නිලධාරින්, වතු කම්කරුවන් හා රැකියා විරහිත උපාධිධාරින් ගෙන ගිය අරගලවල තවත් තීරණාත්මක පියවරක් ලෙස ඒකාබද්ධ වෘත්තීය සමිති පා ගමන් හා රැළියක් පැවැත්මට කම්කරු අරගල මධ්‍යස්ථානය තීරණය කර ඇති බවත් මෙම විරෝධතා රැළිය කොළඹ ජාතික රෝහල ඉදිරිපිට පවත්වන බවත් පවසා සිටී.

මෙම පෙළපාළියට හා රැලිය සෞඛ්‍ය, ගුරු, වත්, සංවර්ධන නිලධාරී, රැකියා විරහිත උපාධිධාරි සංගම් පෞද්ගලික් අංශයේ සේවකයින් සහභාගී වන බව කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව පහතා පවසයි.