බැංකු සේවකයින් නොනවතින අරගලය වැඩවැරුමක් දක්වා තීව්‍රර කිරීමට සැරසෙයි

බැංකු සේවකයින් නොනවතින අරගලය වැඩවැරුමක් දක්වා තීව්‍රර කිරීමට සැරසෙයි
" රාජ්ය බැංකුවල දිර්ඝකාලීනව නොවිසඳී ඇති ගැටලුවලට විසඳුම් ඉල්ලා ආරම්භ කොට ඇති වෘත්තීය සමිති ක්රියාමාර්ග තීවූර කිරීම පිළිබඳව දිවයිනේ සියලුම දිස්ත්රික්ක ආවරණය කරමින් සියලු බැංකුවල ප්රාදේශීය නායකයින් ඇතුළු මධ්යම කාරක සභිකයින් දැනුවත් කිරීමට ලංකා බැංකු සේවක සංගමය කටයුතු කරමින් සිටින බව සඳහන්. 
 
කෙසේ වෙතත් සිය ඉල්ලීම්වලට විසඳුමක් නොලැබුනහොත් නොනවතින අරගලය වැඩ වර්ජනයක් දක්වා දීර්ඝ කිරීමට නිලධාරී මණ්ඩලයේ තීන්දුව තව දුරටත් තහවුරු කරන බවයි සංගමය පෙන්වා දෙන්නේ.
 
සියලූම ශාඛා සංගම් එක මිටට අරගලය වටා පෙළ ගැසේ !
 
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරමින් CBEU VOICE ෆේස් බුක් පිටුවෙන් උපුටාගන්නා ලද සම්පූර්ණ විස්තරය පහතින් වෙයි...
 
ලංකා බැංකු සේවක සංගමයේ නිලධාරී මණ්ඩලය විසින් කැඳවන ලද වෘත්තීය ක්රියාමාර්ගවල ඉදිරි පියවරයන් සියලු ක්රියාකාරී සහෝදර සහෝදරියන් වෙත දැනුම් දීම  29 දින කුරුණෑගල , බ්ලූ ස්කයි හෝටල් පරිශ්රයේ දී පැවැත්විය.පවතින අවදානම් තත්වය නොසලකා සියලු ක්රියාකාරී සහෝදර සහෝදරියන් දැඩි උද්යෝගයකින් යුක්ත්ව පූර්ණ සෞඛ්යාරක්ෂිත ක්රමවේදයන්ට අනුකූලව රැස්වීම සඳහා සහභාගී වීම කැපී පෙනුනි.
 
රාජ්ය බැංකුවල දීර්ඝකාලීනව නොවිසදුණු ගැටලුවලට 2020-06-26 වැනි දින ගරු අග්රාමාත්යතුමා විසින් ලබාදෙන ලද නිශ්චිත විසඳුම් ක්රියාත්මක කරන ලෙස ඉල්ලා වෘත්තීය සමිති ක්රියාමාර්ගවලට අවතීර්ණවීමට සංගමයට සිදුවිය. ඒ අනුව,
 
  • රාජ්ය බැංකුවල විශ්රාම වැටුප් ගැටලුව
  • රාජ්ය බැංකුවලට බඳවා ගන්නා නවක සේවකයින්ගේ පුහුණු කොන්ත්රාත් කාලය මෙතෙක් පැවති පිළිගත් ක්රමවේදයට පටහැණිව වසර 2 කට වඩා දීර්ඝ කිරීම සහ
  • ලංකා බැංකුවට පූර්ණ අනුබද්ධිත MBSL බැංකුවේ පවතින බරපතල පරීපාලනමය අක්රමිකතා නිවැරදි නොකිරීම,
 
යන ගැටලුවලට ලබාදුන් විසඳුම් ක්රියාත්මක කරන ලෙසට බලකරමින් පළමුව පෝස්ටර් ව්යාපාරයක් ද, ඉන් අනතුරුව 2021-03-16, 17 සහ 18 තෙදින විරෝධතා ලාංඡන පැළඳ සේවයේ යෙදීමේ අවම ක්රියාමාර්ගයක් ද දියත් කරන ලදී. එයින් පසු 2021-03-18 වැනි දින සිට 2021-03-23 වැනි දින දක්වා මහජන බැංකුව, ලංකා බැංකුව, ප්රාදේශීය සංවර්ධන බැංකුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව යන රාජ්ය බැංකු ප්රධාන කාර්යාල ඉදිරිපිට දී දහවල් කෑම පැයේ විරෝධතා පිකට් උද්ඝෝෂණ ඉතා සාර්ථකව ක්රියාත්මක කෙරින.
 
කෙසේ වෙතත් ආණ්ඩුවේ බලධාරීන් හෝ රාජ්ය බැංකු පාලනාධිකාරීන් මෙම ගැටලු විසඳීම සඳහා කිසිදු යහපත් ප්රතිචාරයක් නොදක්වා නෑසූ කන්ව සිටින බැවින් විධායක සභාවේ තීන්දුව පරිදි දැනට ක්රියාත්මක වෘත්තීය සමිති ක්රියාමාර්ග, වැඩ වර්ජනයක් දක්වා තීවුර කිර්මට සංගමය තීරණය කර ඇති බැවින් ඒ බව අද දින සියලු ක්රියාකාරී ප්රාදේශීය නායකයින් වෙත දැනුම් දීම සිදු විය.
 
ඉදිරි ක්රියාමාර්ග දැනුම් දීම සම්බන්ධයෙන් රැස්ව සිටි පිරිස දැනුවත් කිරීම මව් සංගමයේ සභාපති චන්න දිසානායක සහෝදරයා , ප්රධාන ලේකම් රන්ජන් සේනානායක සහෝදරයා සහ ජ්යේශ්ඨ උප සභාපති විමල් චන්ද්රසේන සහෝදරයා යන සහෝදරවරු විසින් සිදු කරන ලදී.
 
ලංකා බැංකු ශාඛා සංගමයේ සභාපති පාලිත ඇටම්පාවල සහෝදරයා ,
මහජන බැංකු ශාඛා සංගමයේ සභාපති ශාන්ත ගඟබඩගේ සහෝදරයා ,
ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛා සංගමයේ ලේකම් චමින්ද ඇතුලත්මුදලි සහෝදරයා,
SMIB ශාඛා සංගමයේ ලේකම් ජනක ගුණසේකර සහෝදරයා,
RDB ශාඛා සංගමයේ ජේශ්ඨ උප ලේකම් ශාන්ත විපුලසේන සහෝදරයා,
SDB ශාඛා සංගමයේ සභාපති නිමල් සහෝදරයා
ශ්රී ලංකා ඉතිරිකිරීමෙ බැංකු ශාඛා සංගමයේ ලේකම් තීක්ෂණ සහෝදරයා,
MBSL බැංකු ශාඛා සංගමයේ සභාපති ගයාන් සහෝදරයා,
HDFC බැංකු ශාඛා සංගමයේ ලේකම් දිනේෂ් සහෝදරයා,
ඇතුළුව හැටන් නැෂනල් බැංකුව, කොමාර්ෂල් බැංකුව සහ මහජන බැංකුවේ මධ්යම කාරක සභිකයින් කිහිප පොළක් අදහස් දක්වමින් ඒ ඒ බැංකුවලට අදාල ගැටලු බලපාන ආකාරයත් ඔවුන්ගේ සියලු සහයෝගයන් විශ්රාමය ඇතුලු අරගලය ජයග්රහණය තෙක් නොනැවතී ලබා දෙන බවටත් ප්රකාශ කරන ලදී.
 
වෘත්තීය අරගල පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා පැවැත්වෙන මාධ්ය සාකච්ඡාව (30) දිනයේදී ලංකා බැංකු සේවක සංගම් මූලස්ථානයේදී පැවැත්වේ.
අද දින රැස්වීම මෙහෙයවීම සිදු කලේ ලංකා බැංකු ශාඛා සංගමයේ ජයලාල් සුදේශ් සහෝදරයා විසිනි.
 
-------------------------------------------------------------
ලංකා බැංකු සේවක සංගමය

2021.03.29

166248000 279856136997073 5246817818181688444 n

166055431 279856203663733 7826238828858741937 n

166314538 279856256997061 5585904298050352762 o