වරාය සේවකයෝ වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා අද විරෝධතාවයක

වරාය සේවකයෝ වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා අද විරෝධතාවයක

වරාය වෘත්තීය සමිති එකමුතුව විසින් ප්‍රමාණවත් අයුරින් වැටුප් වැඩි නොකිරීමට විරෝධය පළකරමින් අද දින (01) දහවල් කොටුව ඛාන් ඔරලෝසු කණුව අසල උද්ඝෝෂණයක් පවත්වන බව නිවේදනයන් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයින් සඳහා වසර 3 කට වරක් සිදුකරන වැටුප් වැඩිවීම 2021. 01. 01 දිනට ලබා දිය යුතුව ඇත. 2021. 03. 30 දින අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී 25% ක වැටුප් වැඩිවීමක් ලබාදීමට එකඟතාවය පලවිය.

ඒ අනුව පහල සේවකයාගේ වැටුප් වැඩිවීම රු. 5160/- කි. එය පවතින ජීවන වියදම අනුව ප්‍රමාණවත් නැත. 2018 වැටුප් වැඩිවීමට අනුව වරාය සේවකයින්ට රු. 10000/- ක වැටුප් වැඩිවීමක් ලැබුණි. එම එනිසා අමාත්‍යවරයාගේ වැටුප් යෝජනාව වෘත්තීය සමිති ලෙස අපට භාර ගැනීමට හැකියාවක් නොමැත.

වෘත්තීය සමිති ඉල්ලීම වී ඇත්තේ 25% ක වැටුප් වැඩිවීමට අමතරව 2018 වැටුප් වැඩිවීම ඉක්මවන වැටුප් වැඩිවීමක් සියලූ සේවකයින්ට ලැබිය යුතු බවයි.