තුන්වන රැල්ලේ කොවිඩ් ව්‍යාප්තිය වළක්වාලීමට උපදෙස් මාළාවක්

තුන්වන රැල්ලේ කොවිඩ් ව්‍යාප්තිය වළක්වාලීමට උපදෙස් මාළාවක්

කොවිඩ් 19 III වැනි අවදානම් මට්ටම මත පදනම්ව ව්‍යාප්තිය වළක්වමින් ‍පොදු මහජන සහ වෘත්තීය ක්‍රියාකාරකම් සිදුකරන ආකාරය පිළිබඳව 2021.05.31 දක්වා පොදු ක්‍රියාකාරකම් කල යුතු ආකාරය උප‍දෙස් මාළාවක් සෞඛ්‍ය අමාතයංශය මගින් නිකුත් කරන ඇත.

එම උපදෙස් මළාව පහතින් දැක්වේ.

    

ක්‍රියාකාරකම

විස්තරය

1.        

එක් නිවසකින්/

නවාතැනින් පිටවීමට

අවසර දී ඇති

පුද්ගලයින් සංඛ්‍යාව

අත්‍යවශ්‍ය සේවා / අවසර ලබා දී

ඇති ක්‍රියාකාරකම්  වල නිරත්වන්නේ නැතිනම්

පිට වීමට අවසර දී ඇත්තේ පුද්ලයින් දෙදෙනෙකුට පමණි

2.        

පොදු ප්‍රවාහන සේවය

බස් රථයේ / දුම්රියේ ආසන ධාරිතාව දක්වා මගීන් ප්‍රවාහනය කිරීමට පමණක් අවසර ඇත

3.        

පෞද්ගලික කුලී රථ සේවා

කාර් සහ ත්‍රි රෝද රථ සඳහා උපරිම මගීන් සංඛ්‍යාව සඳහා දෙකකට සීමා වන අතරම වෙනත් වර්ගවල වාහන සඳහා එය ආසන ධාරිතාව දක්වා සීමා වේ

4.        

උපයෝගිතා සේවා - විදුලිය, ජලය, විදුලි සංදේශ, ඉන්ධන පිරවුම්හල්, එල්පී ගෑස් ස්ථාන, මෝටර් රථ ගරාජ / ටයර් සේවා සහ තැපැල් / කුරියර් සේවා

අවශ්‍ය අවම කාර්ය මණ්ඩලය සංඛ්‍යාව සමඟ ක්‍රියා කිරීමට අවසර ඇති අතර ආයතන ප්‍රධානියාට හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීමට විකල්පයක් ලබා දිය හැකිය.

5.        

රජයේ කාර්යාල

අවශ්‍ය අවම කාර්ය මණ්ඩලය සංඛ්‍යාව සමඟ ක්‍රියා කිරීමට අවසර ඇති අතර හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීමට විකල්පයක් ලබා දිය යුතුය

6.        

පෞද්ගලික අංශයේ කාර්යාල

අවශ්‍ය අවම කාර්ය මණ්ඩලය සංඛ්‍යාව සමඟ ක්‍රියා කිරීමට අවසර ඇති අතර හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීමට විකල්පයක් ලබා දිය යුතුය

7.        

සම්මන්ත්‍රණ / වැඩමුළු / රැස්වීම් / සන්නාම දියත් කිරීම්

ශාලාවේ ආසන ධාරිතාවෙන් 50% ක් භාවිතා කරමින් උපරිම පුද්ලයින් 50 කට යටත්ව සිදු කල හැක. 

8.        

අපනයන අරමුණු කරගත් කර්මාන්ත (ඇඟලුම්, කෘෂිකාර්මික නිෂ්පාදන, යනාදිය)

බාහිර අමුත්තන්ට ඇතුළුවීමට අවසර නැත. රැකියාව සඳහා පොදු ප්‍රවාහන සේවයට අමතරව ආරක්ෂිත ප්‍රවාහන ක්‍රමයක්  සේවකයින්ට ලබා දිය යුතුය. ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක විය යුතුය.

9.        

සුපිරි වෙළඳසැල්

ඇවිදීමට හැකි 1.5m2 ඉඩ ප්‍රමාණයක් එක් පුද්ගලයෙකුට ප්‍රමාණවත් යැයි සැලකිය හැකිය. එම ආකාරයට ලබාගත හැකි ඉඩ ප්‍රමාණයෙන් 50% ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුල්කර ගත හැක. කොවිඩ්-19 න් ආරක්ෂා වීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගත යුතු අතර ආයතනය තුලට ඇතුලත් කර ගත හැකි පුද්ගලයින් ගණන ආයතනය පිටත ප්‍රදර්ශනය කල යුතු ය.

10.    

සාප්පු සංකීර්ණ

ඇවිදීමට හැකි 1.5m2 ඉඩ ප්‍රමාණයක් එක් පුද්ගලයෙකුට ප්‍රමාණවත් යැයි සැලකිය හැකිය. එම ආකාරයට ලබාගත හැකි ඉඩ ප්‍රමාණයෙන් 50% ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුල්කර ගත හැක. කොවිඩ්-19 න් ආරක්ෂා වීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගත යුතු අතර ආයතනය තුලට ඇතුලත් කර ගත හැකි පුද්ගලයින් ගණන ආයතනය පිටත ප්‍රදර්ශනය කල යුතු ය. සාප්පු සංකීර්ණයේ පිටත පුද්ගලයින් රැස්වීම් සහ විනෝදාස්වාදයන්ට අවසර නැත.

11.    

මුල්‍ය ආයතන (බැංකු, මුල්‍ය සමාගම්, උකස් මධ්‍යස්ථාන ආදිය)

ගනුදෙනුකරුවන්ට ලබා දිය හැකි ඉඩ ප්‍රමාණයෙන් 50% ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුල්කර ගත හැක. කොවිඩ්-19 න් ආරක්ෂා වීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගත යුතු අතර ආයතනය තුලට ඇතුලත් කර ගත හැකි පුද්ගලයින් ගණන ආයතනය පිටත ප්‍රදර්ශනය කල යුතුය.

12.    

රෙදි පිළි සාප්පු

ඇවිදීමට හැකි 1.5m2 ඉඩ ප්‍රමාණයක් එක් පුද්ගලයෙකුට ප්‍රමාණවත් යැයි සැලකිය හැකිය. එම ආකාරයට ලබාගත හැකි ඉඩ ප්‍රමාණයෙන් 50% ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුල්කර ගත හැක. කොවිඩ්-19 න් ආරක්ෂා වීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගත යුතුය.

13.    

කෘෂිකර්මාන්තය

සාමාන්‍ය ආකාරයෙන් ක්‍රියාත්මක විය හැකි අතර DReAM වලට තරයේ අනුගතව කටයුතු කල යුතුය.

14.    

සිල්ලර වෙළඳ සැල් / කඩ

ගනුදෙනුකරුවන්ට ලබා දිය හැකි ඉඩ ප්‍රමාණයෙන් 50% ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුල්කර ගත හැක. කොවිඩ්-19 න් ආරක්ෂා වීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගත යුතුය.

15.    

විවෘත වෙළඳපොල / පොළවල් (Open market/fairs)

ආර්ථික මධ්‍යස්ථාන

ගනුදෙනුකරුවන්ට ලබා දිය හැකි ඉඩ ප්‍රමාණයෙන් 50% ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුල්කර ගත හැක. කොවිඩ්-19 න් ආරක්ෂා වීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගත යුතු අතර එය ගම මට්ටමෙන් පත්කළ කමිටු මගින් අධීක්ෂණය කල යුතු ය.

16.    

බේකරිය, වීදි වෙළෙන්දන්, බාබර් සහ රූපලාවණ්‍යාගාර

ගෘහ භාණ්ඩ, විදුලි උපකරණ , ඉදිකිරීමේ ද්‍රව්‍ය වෙළඳසැල් (Hardware)

රෙදි සේදීමේ ස්ථාන (Laundry)

මැහුම්කරුවන් සහ ඇඳුම් මසන්නන් (Tailors and dressmakers)

සන්නිවේදන වෙළදසැල් / ඡායා පිටපත් සාප්පු

ගනුදෙනුකරුවන්ට ලබා දිය හැකි ඉඩ ප්‍රමාණයෙන් 50% ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුල්කර ගත හැක. කොවිඩ්-19 න් ආරක්ෂා වීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගත යුතු ය. ලබා දී ඇති මාර්ගොපදේශයන්ට අනුකුලව කටයුතු කල යුතු ය.

17.    

ජංගම වෙළෙන්දන්

අවසර ලබා දී ඇත. ලබා දී ඇති මාර්ගොපදේශයන්ට අනුකුලව කටයුතු කල යුතු ය. DReAM වලට තරයේ අනුගතව කටයුතු කල යුතුය.

18.    

ඉන්ධන පිරවුම්හල්

සාමාන්‍ය ආකාරයෙන් ක්‍රියාත්මක විය හැකි අතර DReAM වලට තරයේ අනුගතව කටයුතු කල යුතුය.

19.    

ඉදිකිරීම් ස්ථාන

අවසර ලබා දී ඇත

20.    

අධිකරණ

ගනුදෙනුකරුවන්ට ලබා දිය හැකි ඉඩ ප්‍රමාණයෙන් 50% ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට පුද්ගලයින් ඇතුල්කර ගත හැකි අතර ලබා දී ඇති මාර්ගොපදේශයන්ට අනුකුලව කටයුතු කල යුතු ය

21.    

බන්ධනාගාර

අමුත්තන්ගේ පැමිණීම  සීමා කොට ඇත

22.    

සෞඛ්‍ය අංශ - රජයේ රෝහල්, පුද්ගලික රෝහල්, ෆාමසි, රසායනාගාර, වෛද්‍ය සේවා  ඇතුළුව

ආයතන ප්‍රධානියා විසින් තීරණය කළ යුතු සේවකයින් ගණන සමඟ සාමාන්‍ය ලෙස ක්‍රියා කළ හැකිය

23.    

දිවාසුරැකුම් මධ්‍යස්ථාන 

50% ධාරිතාවයෙන් ක්‍රියාත්මක විය හැක

24.    

පෙර පාසල්

50% ධාරිතාවයෙන් ක්‍රියාත්මක විය හැක.

25.    

පාසල්

50% ධාරිතාවයෙන් ක්‍රියාත්මක විය හැක.

26.    

විශ්ව විද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන

වසා ඇත.

27.    

උපකාරක පන්ති

ක්‍රියාත්මක කිරීම සඳහා අවසර නැත

28.    

මංගල උත්සව

ශාලාවේ ආසන ධාරිතාවෙන් 50% නොඉක්මවන ලෙස  උපරිම වශයෙන් අමුත්තන් 150 ක් දක්වා ආරාධනා කල හැක. ලබා දී ඇති උපදෙස් වලට අනුකුලව කටයුතු කල යුතු ය.

29.    

අවමංගල්‍ය උත්සව

(කොවිඩ්-19 අසාදනය හා සම්බන්ධ නොවූ මෘතදේහ සඳහා)

ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව ඕනෑම වේලාවක උපරිම වශයෙන් පුද්ගලයින් 25 දෙනෙකුට සහභාගී විය හැක පැමිණෙන පුද්ගලයින් ප්‍රමාණය  අවම කිරීම සඳහා ගත හැකි සියලු පූර්වාරක්ෂාවන් ගැනීම කල යුතු ය.

30.    

ගෘහස්ථ උත්සව, එළිමහන් උත්සව, සම්මන්ත්‍රණ

පැවැත්වීමට අවසර නැත

31.    

මහජනයා  එක්රැස්වීම්

අවසර නැත

32.    

පන්සල්, පල්ලි, කෝවිල් වැනි පුජනීය ස්ථාන

ලබා දී ඇති උපදෙස් අනුව සාමූහික ක්‍රියාකාරකම් හෝ රැස්වීම් (අවසර ලත් මංගල උත්සව හැර). ඕනෑම වේලාවක පරිශ්‍රය තුල සිටිය හැකි  බැතිමතුන්ගේ සංඛ්‍යාව උපරිම ඉඩ ප්‍රමාණයෙන් 50% කට සීමා කළ යුතු අතරම උපරිම බැතිමතුන් ගණන 50 කට සිමා විය යුතු ය.

33.    

බෝඩිං නිවාස

ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව පූර්ණ ධාරිතාවයෙන් සිටිය හැකිය. කෙසේ වෙතත්, නව පුද්ගලයින්ට නවාතැන් ලබා නොදිය යුතුය.

34.    

ව්‍යායාම ශාලා / ගෘහස්ථ ක්‍රීඩා ශාලා / එළිමහන් ක්‍රීඩා කටයුතු

ව්‍යායාම ශාලාවේ හෝ ශාලාවේ ධාරිතාවෙන් 50% ක් දක්වා පුද්ගලයින් ඇතුලත් කර ගනිමින්  ලබා දී ඇති උපදෙස් වලට අනුකුලව ක්‍රියාත්මක විය යුතුය

35.    

ඇවිදින මංතීරු

ඇවිදීමට පමණක් විවෘත වන අතර මහජනයා එක්රැස්වීමට අවසර නැත.

36.    

සිනමා ශාලා

ලබා දී ඇති උපදෙස් වලට අනුකුලව ශාලාවේ ප්‍රේක්ෂකයින් සඳහා ලබා දිය හැකි ඉඩ ප්‍රමාණයෙන් 25% සම්පුර්ණ වන ලෙස ක්‍රියාත්මක විය හැක.

37.    

ළමා උද්‍යාන

වසා ඇත.

38.    

සැණකෙළි, සංගීත සංදර්ශන, වෙරළ සාද

වසා ඇත.

39.    

පිහිනුම් තටාක

වසා ඇත.

40.    

වෙරළ

ඇවිදීමට පමණක්  අවසර  ඇති අතර මහජනයා එක්රැස්වීමට අවසර නැත.

41.    

අවන්හල් (පරිභෝජනය කරන) Restaurant (dining in)

ලබා දී ඇති උපදෙස් වලට අනුකුලව ඕනෑම වෙලාවක මුළු ආසන ධාරිතාවෙන් උපරිම 50%  පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුලත් කර ගත හැක.

42.    

අවන්හල් (රැගෙන යන)

Restaurant (take away/delivery)

සාමාන්‍ය ආකාරයෙන් ක්‍රියාත්මක විය හැකි අතර DReAM වලට තරයේ අනුගතව කටයුතු කල යුතුය.

43.    

මද්‍යසාර අලෙවිසල්

DReAM වලට තරයේ අනුගතව ක්‍රියාත්මක විය යුතුය. කවුන්ටරය වටා සෙනග එක්රැස්වීම වලක්වාගත යුතු ය.

44.    

පබ් (Pubs and bars)

ලබා දී ඇති උපදෙස් වලට අනුකුලව ඕනෑම වෙලාවක මුළු ආසන ධාරිතාවෙන් උපරිම 25%  පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුලත් කර ගත හැක.  කිසිමවිටෙක පිරිස් එක්රැස් වී සාද නොපැවැත්විය යුතුය

45.    

කැසිනෝ, රාත්‍රී සමාජශාලා

වසා ඇත

46.    

ඔට්ටු මධ්‍යස්ථාන

ධාරිතාවෙන් උපරිම 50% ක්‍රියාත්මක විය හැකි අතර DReAM වලට තරයේ අනුගතව කටයුතු කල යුතුය.

47.    

ස්පා (spa)

වසා ඇත

48.    

හෝටල්, විවේකාගාර

(Hotels, rest houses and guest houses)

ලබා දී ඇති උපදෙස් වලට අනුකුලව ඕනෑම වෙලාවක මුළු ආසන ධාරිතාවෙන් උපරිම 50%  පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුලත් කර ගත හැක.