තවත් ප‍්‍රදේශ දෙකක් වහාම ලොක්ඩවුන්…!

තවත් ප‍්‍රදේශ දෙකක් වහාම ලොක්ඩවුන්…!

වහාම ක්‍රියාත්මක පරිදි කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිරාවිය සහ නිකදලුපොත ග්‍රාම සේවා වසම් හුදෙකලා කිරීමට ඊයේ දිනයේ තීරණය කර තිබේ.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ එම ප්‍රදේශවලින් රෝගීන් ඉහළ යාමක් පෙන්නුම් කරන නිසා රෝග ව්‍යාප්තිය වළකාලීම සඳහා මෙම පියවර ගත් බවයි.

ඉදිරියේදී මෙරට හුදෙකලා කරන ප්‍රදේශ ඉහල යා හැකි බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

එහි ප්‍රධානී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ යම් ප්‍රදේශයක කොවිඩ් රෝගීන් වර්ධනයක් පෙන්නුම් කළ හොත් වහාම එම ස්ථානයන් හුදකලා කිරීමට සිදුවන බවයි.

මෙරටින් හඳුනාගන්නා රෝගීන් සංඛ්‍යාව ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බවද ඒ මහතා කියා සිටියේය.

මේ අතර ඉහළ යන කොවිඩ් ව්‍යාප්තිය පාලනයට ගන්නා ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට එම කාර්ය සාධක බලකාය අද දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව ඇත.