පළාත් මට්ටමින් රාජ්‍ය සේවයට පත්වීම් 3000ක්

පළාත් මට්ටමින් රාජ්‍ය සේවයට පත්වීම් 3000ක්

තැපැල් දෙපාර්තමේන්තුවේ ආදේශකයින් ලෙස අලුතින් 3000 ක් බඳවා ගෙන තිබේ.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ, පළාත් මට්ටමින් එම බඳවා ගැනීම් සිදු කළ බවයි.

ඔවුන් කණිෂ්ඨ තැපැල් සේවා රාජකාරී සඳහා දෛනික වැටුප් ගෙවීමේ පදනම මත යෙදවෙනු ඇති.

පුරප්පාඩු ඇතිවන ආකාරයට ඔවුන් ස්ථිර සේවයට අන්තර්ග්‍රහණය කිරීමට නියමිතය.

ලිපි බෙදීමේ රාජකාරි, කාර්යාල කාර්ය සහායක වැනි සේවා සඳහා මෙම පිරිසෙන් බහුතරයක් යෙදවීමට සැලසුම් කර ඇති බව නියෝජ්‍ය තැපැල්පතිවරයා සඳහන් කළේ ය.