විදේශ සේවා තරඟ විභාග ගැසට් එකේ රාජ්‍ය සේවකයින්ට වයස පිළිබඳ අසාධාරණයක්

විදේශ සේවා තරඟ විභාග ගැසට් එකේ රාජ්‍ය සේවකයින්ට වයස පිළිබඳ අසාධාරණයක්

ශ්‍රී ලංකා විදේශ සේවයේ විවෘත තරඟ විභාගයේ කොන්දේසි මඟින් රාජ්‍ය සේවයේ නියුතු අයදුම්කරුවන්ට දැඩි අසාධාරණයක් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් සංවර්ධන නිලධාරී සේවා සංගමය කියා සිටී.

එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් වන්නේ,

ශ්‍රී ලංකා විදේශ සේවයේ iii වැනි ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය 2021.04.09 දින අංක 2223 රජයේ ගැසට් පත්‍රය මඟින් ප්‍රසිද්ධියට පත් කර ඇත.

එහි අංක 04 වයස් සීමාව යන කොන්දේසිය යටතේ රාජ්‍ය සේවයේ නියුතු අයදුම්කරුවෙකු නම් ඔහුගේ / ඇයගේ උපරිම වයස් සීමාව 37 දක්වා සීමා කිරීම තුළින් රාජ්‍ය සේවයේ හා පළාත් රාජ්‍ය සේවයේ නියුතු උපාධියක් සහිත රාජ්‍ය සේවකයින් විශාල පිරිසකට දැඩි අසාධාරණයක් සිදුවන බව පෙන්වා දෙන්නෙමු.

ශ්‍රී ලංකා විදේශ සේවයේ iii වන ශ්‍රේණියේ පවතින පුරප්පාඩු 40 ක් සඳහා 2020 හා 2021 වර්ෂ වලට අදාළ වන පරිදි උක්ත ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

2. රාජ්‍ය සේවයේ නියුතු වූවන් සඳහා මෙතෙක් පැවති සීමිත තරඟ විභාග අවස්ථාව අහිමි වීම.

3. සීමිත තරඟ විභාගයක දී රාජ්‍ය සේවයේ නියුතු වන්නන් සඳහා වයස් සීමාව අදාළ නොවීම යන මෙතෙක් පැවති වරප්‍රසාදය අහිමි වීම.

4. කුසලතා පදනම මත ශ්‍රී ලංකා විදේශ සේවය සඳහා රාජ්‍ය සේවයේ නියුතුවන්නට පැවති වරප්‍රසාදය අහිමි වීම.

5. රාජ්‍ය සේවයේ නියුතු වූවන්ට ඉල්ලූම්කළ හැකි වයස් සීමාව 37 දක්වා පහත හෙලීම මඟින් රාජ්‍ය හා පළාත් රාජය සේවයේ MN-04 වැටුප් තලයේ සිටින සංවර්ධන නිලධාරීන් ඇතුළු උපාධිධාරීන් විශාල පිරිසකට උක්ත විභාගය සඳහා ඉල්ලූම් කිරීමට අවස්ථාව අහිමි වීම.

6. රාජ්‍ය කළමණාකරන නිලධාරී සේවය ඇතුළු වෙනත් සේවාවන්වල උපාධි සුදුසුකම් සහිත අවුරුදු 37 ඉක්ම වූ රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ට අවස්ථාව අහිමි වීම.

යන ගැටළු ගණනාවක් උක්ත තරඟ විභාග කොන්දේසි යටතේ පවතින බව අප සංගමය ඉතා වගකීමෙන් ශ්‍රී ලංකා රජයටත්, එහි වගකිවයුතු බලධාරීන්ටත් පෙන්වා දෙන්නෙමු.

ඉහත කරුණු පිළිබඳව ඔබතුමා ප්‍රමුඛ රජයේ හා ආණ්ඩුවේ වගකිවයුතු පාර්ශවයන්ගේ කඩිනම් අවධානය යොමු කරමින් රාජ්‍ය සේවයේ නියුතු අයදුම්කරුවන්ට පනවා ඇති අවුරුදු 37 වයස් සීමාව ඉවත් කර අදාළ ගැසට් පත්‍රය සංශෝධනය කර යළි නිකුත් කිරීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමු.