ශ්‍රී ලංකාව තුළ මේ වන විට පැතිර යන කොවිඩ් නව ප්‍රභේදයේ විශේෂ ලක්ෂණය වන්නේ උගුරේ වේදනාව හා අමතර රෝග ලක්ෂණ මතු වීමටත් පෙර නිව්මෝනියා තත්ත්වයක් මතු වීම බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඳ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
මේ නිසා රෝගය උත්සන්න වන තුරුම රෝගය ආසාදනය වී තිබෙන බව දැන ගන්නට නොලැබෙන බව විශේෂඳ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
රෝගය උත්සන්න වූ විට ප්‍රතිකාර කිරීම අපහසු බැවින් ජනතාව වඩාත් ප්‍රවේශම් විය යුතු බව වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අවධාරණය කරයි.
කොවිඩ් රෝග ලක්ෂණ තිබේ නම් තමන්ට සිදුකරගත හැකි ස්වයං පරීක්ෂණ කිහිපයක් පිළිබඳව වෛද්‍යවරයා සඳහන් කරයි.ඒවා නම්,
මෙවැනි තත්ත්වයක් තුළ සැක සහිත අය රෝහල් ගතවීම කඩිනම් වීමෙන් ඔවුන්ට ඉක්මනින් රෝග පාලනයක් සිදුකල හැකි බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
