කොවිඞ් - 19 වසංගත සමයේ සෞඛ්‍යාරක්‍ෂිත ක‍්‍රමවේද අනුගමනය කරමින් බැංකු කටයුතු පවත්වාගෙන යාම පිළිබඳව ලංකා බැංකු සේවක සංගමය නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
එම නිවේදනය පහතින් දැක්වේ.
කොවිඞ් - 19 වසංගතය ඉතා සීඝ‍්‍ර ලෙස ව්‍යාප්ත වන බවත්, නව වයිරස් ප‍්‍රභේදය ඉතා ප‍්‍රබලම මෙන්ම මිනිස් ජීවිතවලට දැඩි සේ හානි පමුණුවන බවටත් සෞඛ්‍ය අංශ වෙතින් වාර්තාවන බැවින් පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් කඩිනම් ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසට රජය ඇතුළු බලධාරීන්ට යෝජනා කර සිටිමු.
ඊට අමතරව බැංකු කටයුතු පවත්වාගෙන යෑම තුළ සිදුවන රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය ඇතුළු බලධාරීන්ට සහ ඒ ඒ බැංකුවල ප‍්‍රධානීන් වෙත ලංකා බැංකු සේවක සංගමය විසින් පහත ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසට මේ වනවිටද ලිඛිතව දැනුම්දීමක් සිදුකර ඇත.
ජනතාවට සේවය සළසන අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ඉතාමත් ප‍්‍රමුඛ කාර්යභාරයක් බැංකු මගින් ඉටුකරනු ලබන අතර, එම කාර්යය ඉටුකිරීමේදී බැංකු සේවක ප‍්‍රජාවට සෘජුව ජනතාව හා ගැටෙමින් කටයුතු කිරීමට සිදුවන බැවින් ඔවුන් වසංගතය ආසාදිත පුද්ගලයින්ට නිරාවරණය වීමේ වැඩි අවදානමක් පවතී.
දැනට රට තුළ සීඝ‍්‍රයෙන් ව්‍යාප්තව පවතින කොවිඩ් - 19 වයිරසයේ 3 වන රැුල්ල හේතුවෙන් මේ වනවිටත් බැංකු පද්ධතියේ ශාඛාවන් ප‍්‍රමාණයක් තාවකාලිකව වසා දැමීමට සිදුවී ඇත. ඒ අනූව මෙම තත්වය නිසිපරිදි කළමනාකරණය නොකරන්නේ නම් බැංකු පද්ධතිය සපයන සේවාවන් බිඳ වැටීමකට ලක්වීම අනිවාර්ය තත්වයකි.
ඒ අනූව බලයලත් නිලධාරීන් විසින් බැංකු සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම පිණිස ඉහත දක්වා ඇති කරුණු ක‍්‍රියාත්මක කරවීමට අවශ්‍ය පියවර ගැනීම අත්‍යවශ්‍ය බවට අවධාරණය කරමු.
එබැවින් බැංකු සේවක ප‍්‍රජාව රෝගීන් බවට පත්වීමේ අවදානම අවම කිරීම පිණිස නිසි පියවර නොපමාව ගැනීම අවධාරණය කරන අතර, එය එසේ නොවන්නේ නම් අපගේ සාමාජිකත්වයේ ආරක්‍ෂාව වෙනුවෙන් සංගමයට සුදුසු තීන්දු තීරණ ගැනීමට සිදුවන බවද අවධාරණය කරමු.
මේ වනවිටත් බැංකු සේවකයින් විශාල පිරිසකට කොවිඩ් - 19 ආසාදනය වී ඇති බැවින්, බැංකු සේවක ප‍්‍රජාව කොවිඞ් - 19 ආසාදනයෙන් ආරක්‍ෂාකර ගනිමින් වඩා යහපත්, ඵලදායී බැංකු සේවාවක් පවත්වාගෙන යාමට පහසුවන පරිදි වගකිවයුතු බලධාරීන්ගේ අවධානය ඒ සඳහා යොමු කරවමින් ඉහත අවශ්‍යතා කඩිනමින් ක‍්‍රියාත්මක කරගැනීම ඉතා වැදගත් වන බව පෙන්වා දෙමු.
