පූර්ණ හෝ අර්ධ තත්ත්වයෙන් රට වැසීමට සාකච්ඡා

පූර්ණ හෝ අර්ධ තත්ත්වයෙන් රට වැසීමට සාකච්ඡා

රට තුළ පවතින කොරෝනා තත්ත්වය හමුවේ පූර්ණ වශයෙන් හෝ 75%ක ප්‍රමාණයකින් රට වසා දැමීමට සිදු වුවහොත් ඒ සඳහා සූදානම් විය යුතු බව ජනාධිපති කාර්යය සාධක බලකායේ ප්‍රධානී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇතැයි "නෙත් නිවුස්" වාර්තා කර තිබේ.

ඊයේ (09) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී මේ ගැන අවධානය යොමුකර ඇත.

එම සාකච්ඡාවට අත්‍යාවශය සේවා සපයන ආයතනවල ප්‍රධානීන් කැඳවා තිබූ බවද වාර්තා වේ.

ඉදිරියේදී කිසිසේත් රට තුළ ඇඳිරි නීතිය පැනවීමක් සිදු නොවනු ඇති බවත්, සංචරණ සීමා පමණක් සිදු කිරීමට අවස්ථාව ඇති බවත් එහිදී පෙන්වා දී ඇත.

එවන් තත්ත්වයකදි අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ එම ආයතන ප්‍රධානීන් අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බවද පැවසේ.
(ශ්‍රී ලංකා මිරර්)