Covid 19 ට රාජ්‍ය සේවකයින් බිලිදීමේ ආණ්ඩුවේ පිළිවෙත ගැන කතා කරමු-මාධ්‍ය හමුව අද

Covid 19 ට රාජ්‍ය සේවකයින් බිලිදීමේ ආණ්ඩුවේ  පිළිවෙත ගැන කතා කරමු-මාධ්‍ය හමුව අද
කොවිඞ් - 19 වෛරසයට රාජ්‍ය සේවකයින් බිලිදීමේ ආණ්ඩුවේ පිළිවෙත පිළිබඳව කරුණු සාකච්ඡා කිරීමත් ඊට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරන මාධ්‍ය හමුවක්  අද  (10) සවස 01.00ට බොරැල්ල එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ පැවැත්වීමට නියමිතයි.
 
එම මාධ්‍ය සාකච්ඡාව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය විසින් සංවිධානය කර ඇති අතර එහිදී 
 
  1. ජනාධිපති ලේකම් විසින් 2020 අපේ‍්‍රල් 18 දින නිකුත් කළ චක‍්‍රලේඛ තුළ පවා තිබූ අත්‍යවශ්‍ය කරුණු මගහැර නව චක‍්‍රලේඛය ඉදිරිපත් කර ඇත.
  2. රාජ්‍ය ආයතන රැසක මේ වනවිට කොවිඞ් - 19 ආසාධිතයන් හදුනාගෙන ඇති අතර ආශි‍්‍රතයින් නිරෝධායනය කිරීම හා PCR කිරීම සිදුනොකරන තත්වයක් ඇත
  3. කොවිඞ් - 19 වෛරසය හේතුවෙන් ගර්භණි කාන්තාවක් මියගොස් හා 70කට අධික පිරිසක් ආසාධිතව ඇති මොහොතක ගර්භණි කාන්තා සේවිකාවන් සේවයට කැදවමින් ඇත.
  4. මේ අතර පුහුණු අභ්‍යාසලාභී උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් අනාරක්ෂිතව රාජකාරී සදහා කැදවා ඇත.
 
 යන කරුණු කාරණා කෙරෙහි අවදානය යොමුකරමින් මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.