කොවිඩ් එන්නත ප්‍රමුඛතාවය ලෙස දෙන ලෙස නැවත සිහිපත් කරයි

කොවිඩ් එන්නත ප්‍රමුඛතාවය ලෙස දෙන ලෙස නැවත සිහිපත් කරයි

කොවිඩ් එන්නත ලබො දීමේදී සියළුම සෞඛ්‍ය කාර්‍යමණ්ඩල වල පවුලේ සාමාජිකයන් අවදානම් කණ්ඩායම් සේ සලකා සඳහා ප්‍රමුඛතාවය ලබාදෙන ලෙස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යවරිය වෙත සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය නැවත සිහිපත් කරමින් ලිපියික් යවමින් ඉල්ලා සිටී.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

සමරට තුල ව්‍යාප්ත්‍ වන කොවිඩ් ව වසංගතය තුල කළ යුතු අත්‍යාවශ්‍යම කාරණයක් වන්නේ එන්නත්කරණය මගින් සමස්ත ජනතාව තුලම ප්‍රතිශක්තිකරණය ඇති කිරීමයි. එලෙස එන්නත්‍ ලබා දීම සඳහා විද්‍යාත්මක පදනමක් මත ප්‍රමුඛතා ලේඛ්‍නයක් සකස් කර ඒ අනුව නියමිත කාලය තුල එන්නත ලබා දීම රජයේ මැදිහත්වීම අනිවාර්ය අවශ්‍යතාවයකි. එමගින්න එන්නත සම්පූර්ණයෙන් ලබාදීමට ගතවන කාලය තුලද මෙම වෛරසයේ ව්‍යාප්තිය මගින් ජනතාවට වන හානි අවම කර ගත හැකිය.

දැනට ලාංකාව තුල එන්නත් ලබා දීම විවිධ මැදිහත්වීම් සහිත අතිශය දූෂිත වැඩපිළිවෙලක් බවට පත්ව තිබේ. දේශපාලඥයන් මෙන්ම නිළධාරීන්ද තමන්ට ඇති බලතල යොදා ගනිමින් ඥාති හිතමිතුරන්ට එන්නත් ලබා දීමට මැදිහත් වෙමින් තිබේ. විද්‍යාත්මක ක්‍රමවේදයක් මත නිසි පරිදි එන්නත්කරණ ප්‍රමුඛතා ලේඛ්‍නයක් නොමැතිකම පදනම් කර ගනිමින් මෙවැනි උත්සාහයන් දියත් වන අතර ඒ පිළිබඳව ජනතාව අතර අවස්ථා ගනනාවකදී ගැටුම් පවා සිදුවූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ වන විට සෞඛ්‍ය සේවය තුල ඇති සමහර වෘත්තීය සංගම්ද එම ක්‍රමවේදයම උපසයෝගී කර ගනිමින් ගෝත්‍රික ස්වරූපයෙන් තමන්ගේ හිතවතුන් සඳහා පමණක් කොවිඩ් එන්නත ලබා දීමේ පහත් උත්සාහයක නිරත වෙමින් තිබේ. මේ හේතුවෙන් සෞඛ්‍ය සේවාවේ විවිධ ශ්‍රේණි අතර විරසකයන් වර්ධනය වෙමින් තිබෙන අතර මේ මොහොතේ ඔවුන්න අතර ඇතිවන ගැටුම් කොවිඩ් මර්ධන කටයුතු වලට අහිතකර ලෙස බලපානු ඇත.

කෙසේ වෙතත් රට තුල අත්‍යාවශ්‍ය ප්‍රමුඛතා ලේඛ්‍නයක් වහාම සකස්කර එන්නත ලබා දීමේ ක්‍රියාවලිය විධිමත් කලයුතු බවත් එයට සෞඛ්‍ය සේවාවේ නියුතු ලක්ෂ එකහමරක් පමණ වන සියළුම සාමාජියන්ටත් ඔවුන්ගේ පවුලේ (අවම වශයෙන් නිවසේ වාසය කරන) සාමාජිකයන්ටත් මෙම එන්නත සඳහා ප්‍රමුඛතාවය ලබාදිය යුතු බව නැවතත් අවධාරණය කරමු. එසේ නොකරන්නේ නම් නම්ප නිරන්තරව කොවිඩ් ආසාදිතයන් සමග ටයුතු කරන සෞඛ්‍ය සේවකයන් හරහා ඔවුන්ගේ පවුල් සාමාජිකයන් ආසාදනය වීමටත් ඒ හේතුවෙන්ම රෝගී සත්කාර කටයුතු අඩපණ වීමත් අන්වාර්යෙන්ම සිදු වනු ඇත.