සෞඛ්‍ය උපදෙස් නොතැකූ ඇඟලුම් කම්හලේ හිමිකරුට දස දහසක දඩයක් 

සෞඛ්‍ය උපදෙස් නොතැකූ ඇඟලුම් කම්හලේ හිමිකරුට දස දහසක දඩයක් 
වස්කඩුව ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්තශාලාවක් අද (04) වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් විසින් කටයුතු කර තිබේ.
 
ඒ, පසුගිය 29 වනදා එම කර්මාන්ත ශාලාවේ සේවයේ යෙදී සිටි සේවකයින්  50 දෙනෙකුට සිදුකළ PCR පරීක්ෂණවලින් 16 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව හෙළිවීම හේතුවෙනි. 
 
කර්මාන්තශාලාව වසා දමන ලෙසට දුන් උපදෙස් නොතකමින් දිගින් දිගටම කර්මාන්තශාලාව පවත්වාගෙන ගොස් ඇති බවට සෞඛ්‍ය බලධාරීන් අද කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණි.
 
එහිදී කර්මාන්තශාලාවේ හිමිකරු මුදාහැරියේ රුපියල් 10,000 ක දඩ මුදලකට සහ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත වන අතර කර්මාන්තශාලාව වසා දැමීමටද අධිකරණය විසින් නියෝග කරන ලදී.