හෙද ගැටලූ නොවිසදීමට එරෙහිව ජුලි 01, 02 (දින දෙකක්) සියලූ රෝහල්හි හෙද හෙදියන් අසනීප නිවාඩු වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව සමස්ත ලංකා හෙද සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, හෙද කාර්ය මණ්ඩලයට ඉතා දැඩිව බලපා තිබෙන ගැටළු ගණනාවක් විසඳා ගැනීම සඳහා පසුගිය කාලය මුලූල්ලේ අප සංගමය දැඩි උත්සාහයන් ගණනාවක නිරත වූයෙමු. එසේ වුවද සෞඛ්‍ය අමාත්‍යංශය එම ගැටළු විසදීම වෙනුවෙන් අවංකව කටයුතු කරන බවක් අපට පෙනෙන්නට නොමැත.
එම තත්වය තුළ 2021.05.31 දින අප සංගමය කැඳවන ලද එක්දින අසනීප නිවාඩු වාර්ථා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හරහාද සෞඛ්‍ය අමාත්‍යංශයට දන්වනු ලැබූවේ හෙද හෙදියන් තවදුරටත් බොරු පොරොන්දු, රැවටිලි හා ඇස් බැන්ඳුම් සාකච්ඡාවලින් රැවටිය නොහැකි බවයි.
අනතුරුව ජුනි මස 01 දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සමඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව හෙද ගැටලූ විසඳීමට සෞඛ්‍ය අමාත්‍යංශයට මාසයකට ආසන්න කාලයක් ලබා දෙන ලදි එහෙත් එම ගැටළු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යංශය මේ දක්වා කටයුතු නොකිරීමට එරෙහිව 2021.07.01 හා 02 දිනයන්හි දිවයිනේ සියලූ රෝහල්හි හෙද හෙදියන් අසනීප නිවාඩු වාර්ථා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට කැදවීමට අප සංගමය තීරණය කර ඇත.
