වෘත්තීය සමිති 34කගේ සහභාගීත්වයෙන් අද සිට අඛණ්ඩ දුම්රිය වර්ජනයක්

වෘත්තීය සමිති 34කගේ සහභාගීත්වයෙන් අද සිට අඛණ්ඩ දුම්රිය වර්ජනයක්
කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා එම තනතුරෙන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියැදුරු හා නියාමකවරුන් ඇතුළු වෘත්තීය සමිති 34 ක් වර්ජනයක් ආරම්භකර තිබේ.
 

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් දුම්රිය එන්ජින් රියැදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා සඳහන් කළේ දුම්රිය ප්‍රවේශ පත්‍ර විද්‍යුත් ක්‍රමයකට නිකුත් කිරීමට අදාළ ව්‍යාපෘතියක් විදෙස් සමාගමකට ලබාදීමට විරෝධය පළ කරමින් එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි.


මේ පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් සිදුකළ ත් ඒ සඳහා නිසි පිළිතුරක් නොලැබීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගත් බවත් එම හේතුවෙන්දුම්රිය මගීන්ට දුම්රිය ධාවනට අඬාලවීමෙන් සිදුවන අපහසුතාවය පිළිබඳ කණගාටුව ප්‍රකාශ කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.