‘පොදු රැස්වීම් හා උද්ඝෝෂණ‘ තහනම්

‘පොදු රැස්වීම් හා උද්ඝෝෂණ‘ තහනම්

මහජනතාව වැඩි වශයෙන් ඒකරාශී වන පොදු රැස්වීම්, උද්ඝෝෂණ වැනි ක්‍රියාකාරකම් හේතුවෙන් කොවිඩ් පැතිරයෑමේ අවදානමක් ඇති බැවින් නැවත දැනුම්දෙන තුරු එවැනි උද්ඝෝෂණ හා මහජන ඒකරාශීවීම් සිදුනොකළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දී ඇතැයි පොලිස් මූලස්ථානය (05) දින නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමුකරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙම ඉල්ලීම කර ඇතැයි ද එම නිරෝධායන නියෝගවලට අදාළව මින් ඉදිරියට පොලීසිය ක්‍රියාකරනු ඇති බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.