වෘත්තීය සමිති,සිවිල් සංවිධාන,බහුජන සංවිධාන හා ශිෂ්‍ය සංගම් ආණ්ඩුවේ මර්ධනකාරී පිළිවෙතට එරෙහි පෙරට එයි

වෘත්තීය සමිති,සිවිල් සංවිධාන,බහුජන සංවිධාන හා ශිෂ්‍ය සංගම් ආණ්ඩුවේ මර්ධනකාරී පිළිවෙතට එරෙහි පෙරට එයි
වෘත්තීය සමිති එකමුතු,සිවිල් සංවිධාන,බහුජන සංවිධාන ,ශිෂය සංවිධාන ඇතුළු සංවිධාන රැසක නායකයින් විසින් අද (16) දිනයේ ජනාධිපති කාර්යාලය ඉදිරිපිටට රැස්වූ අතර ජනාධිපතිවරයාට සංදේශයක් භාර දීමේ අරමුණින් මෙලෙස නායකයින් රැස්විය.
 
පසුගිය දින දින කිහිපය තුළ වෘත්තීය සමිති,වෘත්තීය සමිති එකමුතු,සිවිල් සංවිධාන ,බහුජන සංවිධාන හා ශිෂ්‍ය සංගම් විසින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් කොළඹ හා තවත් ප්‍රදේශ ගණනාවක සංවිධානය කළ අතර එයට හෙතුව වූයේ ආණ්ඩුව විසින් මේ වනවිට ජනතාවගේ ගැටළුවලට පිළිතුරු දීමේ නොහැකියාව මත බවයි ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රොටෙක්ට් වෘත්තීය සමිතියේ කල්ප මධුරංග මහතා සඳහන් කළේ.
 
ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් පිළිතුරු විදිහට ආණ්ඩුව මේ වෙලාවේ හමුදාව සහ පොලීසිය යොදාගෙන සිදුකරන මර්දනය  පමණක් පෙනෙන්නට තිබෙන කාලයක ඊට  විරුද්දව අරගල කළ වෘත්තීය සමිති නායකයින්,බහුජන සංවිධාන හා දේශපාලන ක්‍රියාකාරීන් බොහෝ දෙනෙක් ආණ්ඩුව විසින් නිරෝධායන නීතිය යටතේ හමුදා කඳවුරුවල හා රැදවුම් මධ්‍යස්ථානවල බලහත්කාරයෙන් රඳවා තිබෙනවා.ඒ අය වහා නිදහස් කරන ලෙස ඉල්ලමින් සහ නිරෝධායනය මුවාවෙන් ආණ්ඩුව කරන මර්දන වහාම නතරකරන ලෙස බලකිරීමත් ජනාධිපතිවරයාට ප්‍රකාශ කිරීමේ අපේක්ෂාවෙන් අද දිනයේ (16) මෙලෙස ජනාධිපති ලේකම් කාර්යාලය අභියසට නායකයින් ඒකරාශී විය.
 
ඒකරාශී වූ වෘත්තීය සමිති නායකයින් ඒම අවස්ථාවේදී ප්‍රකාශ කළේ දැනට අත් අඩංගුවට පත්ව සිටින වෘත්තීය සමිති නායකයින් හා සමාජ ක්‍රියාකාරීන් වහාම නිදහස් කිරීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් ඉදිරියේදී සෑම වැඩබිමකම සිටින කම්කරුවන්,ලකාව පුරා වැඩකරන කම්කරුවන් පාරට ගෙනැවිත් රටපුරා දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කීරිමට පසුබට නොවෙන බවයි.
 

එමෙන්ම ඒ සියලු ක්‍රියාමාර්ග තුළජනතාවට පීඩාවට පත්වීමේ වගකීම ආණ්ඩුව විසින් දැරිය යුතු බවත් ජනතාවගේ ගැටළු වලට ආණ්ඩුවට උත්තර දීමට නොහැකි වීම තුළ හමුදාව පොලීසිය යොදා පහරදි,සිර කිරිමෙන් මර්දනය කිරීම  සිදු කිරීම අතිශය පිළිකුල් සහගත ක්‍රියාවක් බවයි.

 

11 
1111

111111

11111